අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්ට කොරෝනා.. පාර්ලිමේන්තුව පැත්තක් වසා දමයි.. පැමිණීමට දැඩි සීමා !
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වරයෙකු සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා වන නීතීඥ චමින්ද කුලරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබුණ ද එය ද කල් දමා තිබේ.
පවතින තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට බාහිර පුද්ගලයන් ඇතුළු වීම තහනම් කර තිබේ.
එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වාර අවලංගු කිරීමට ද පාර්ලිමේන්තු ප්‍රධානීන්නගේ අවධානය යොමු වී ඇත.
No comments: