Header Ads

Breaking News
recent

අපේ ආණ්ඩුව සමග එකට ඉන්න හාමුදුරු කෙනෙක් ත‍්‍රිකුණාමලේ කැලෑ කපනවා - ආරක්‍ෂක ලේකම්

ණ්ඩුව සමග එකතු වී වැඩකරන ත්‍රිකුණාමල පැත්තේ ස්වාමීන් වහන්සේ නමක් කැලෑ හෙළිකරමින් සිටින බවට තොරතුරු ලැබී තිබේ.

එබැවින් වහාම එය නවත්වන ලෙස ආණ්ඩුකාරවරියට හා නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

විවිධ පාර්ශ්වයන් රජයට සම්බන්ධ බව හඟවමින් එයට මුවා වී වැරැදි වැඩකිරීමට පියවර ගන්නවා නම් ඊට ඉඩ නොදෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා රජයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නාරාහේන්පිට, නිල මැදුරේදී දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව දැන්වීය.

පරිසර හා වන විනාශයන් තවමත් උපරිමයෙන් සිදුවන බවත්, ආරක්ෂක අංශ මෙය නැවැත්වීමට කෙතරම් උත්සාහ කළත් සමහර රජයේ නිලධාරීන් එයට සම්බන්ධ වී සිටින බවත් හෙතෙම හෙළි කළේය.

– aruna


No comments:

Powered by Blogger.