Header Ads

Breaking News
recent

පාස්කු බෝම්බයට බොදුබල සේනාවත් ගෑවේ.. බොදුබල සේනා තහනම් කරනු.. ඥාණසාර හිමිට නඩු පවරනු..- කොමිසම නිර්දේශ කෙරේ !

බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු යැයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව තම වාර්තාවෙන් නිර්දේශ කර ඇත. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව එම කොමිසමේ නිර්දේශ අතර දැක්වේ.

ශ‍්‍රී ලංකා ජමාත් ඉස්ලමික් සංවිධාන ඇතුළු අන්තවාදී සංවිධාන ද වහාබ්වාදය ද තහනම් කළ යුතු බව කොමිසම විසින් නිර්දේශ කර තිබේ.

රටතුළ පවතින ඉස්ලාම් අන්තවාදී හරය තවුහිත් මතවාදය බවත් මුල් අවධියේදී කල්මනාකරනය නොකල බෞද්ධ අන්තවාදය විසින් එය තවදුරටත් පැසවීමට ලක් කරන බවත් කොමිසම පෙන්වා දෙයි.

මෙම වාර්තාව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ලබා දුන් අතර අද දිනයේ සභානායක දිනේෂ් ගුණවර්ධණ මහතා විසින් එය සභාගත කිරීමට නියමිතය.


No comments:

Powered by Blogger.