Header Ads

Breaking News
recent

"මාස තුනක් ඇතුලත අපේ යෝජනා ක්‍රියාත්මක නොකළහොත් කමිටුවෙන් මම යනවා" - මුරලිදරන් අනතුරු අඟවයි

මන් ඇතුළු ක්‍රිකට් කමිටුව විසින් ඉදිරිපත් කරන යෝජනා මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක නොකළහොත් තමා එම කමිටුවෙන් ඉවත් වන බවට මුත්තයියා මුරලිදරන් මහතා අනතුරු අඟවයි. වසර 10කට පෙර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් තමා මෙම කමිටුවට එක්වීමට කැමැත්ත පළ කළේ තමන් ඇතුළු සියල්ලන්ම ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බව පෙන්වා දෙන මුරලිදරන් මහතා ක්‍රීඩකයන්ට ගෙවිය යුත්තේ දක්ෂතාවය මත බවද සඳහන් කරයි.

ක්‍රීඩකයන් දක්වන දක්ෂතා අනුව ගෙවීම් කළ යුතු බවත් දක්ෂතාවයන් නොපෙන්වන ක්‍රීඩකයන්ට කණ්ඩායම තුළ සිටීමට කිසිදු අයිතියක් නැති බවද මුරලිදරන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එම ප්‍රතිපත්තියම ක්‍රිකට් කණ්ඩායම සමග කටයුතු කරන අන් සහය පිරිස් වෙතද ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දෙන මුරලිදරන් මහතා කණ්ඩායමෙන් වෙනුවෙන් දක්වන ඔවුන්ගේ කාර්යක්ෂමතාවයට අනුව ගෙවීම් කළ යුතු බව ද පෙන්වා දෙයි.

මුත්තයියා මුරලිදරන් මහතා මෙම අදහස් පළ කර තිබුණේ ඩේලි මිරර් පුවත්පත සමඟිනි.


No comments:

Powered by Blogger.