ජිනීවාහිදී ඉන්දියාව ලංකාවට පස්ස හරවන ලකුණු.. ඉල්ලීම නෑසුනු සේ හිදී !
ශී‍්‍ර ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වන නව ජිනීවා යෝජනාවට එරෙහිව සහය දක්වන ලෙස රජය ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඊට ප‍්‍රතිචාර දක්වා නැත. ශී‍්‍ර ලංකාවට සහය දක්වන ලෙස ඉල්ලා සතියකට පෙර ශී‍්‍ර ලංකා රජය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවා තිබිණි.
මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකයන් වන කියුබාව, චීනය, රුසියාව, නේපාලය, වෙනිසියුලාව යන රටවල් ශී‍්‍ර ලංකාවට සහාය දීමට ඉදිරිපත්වී තිබේ.
ශී‍්‍ර ලංකාවට සහාය දීමෙන් වළකින ලෙස තමිල්නාඩු ඞී.එම්.කේ. පක්‍ෂ නායක ස්ටාලින් ඇතුළු කොටි හිතවාදී දේශපාලන පක්‍ෂ අගමැති මෝදිගෙන් ඉල්ලා ඇත.
– divaina


No comments: