Header Ads

Breaking News
recent

දෙරණේ නිව්ස් කියන කළිඳු එක්ක ලගදිම විවහා වෙන්න යන මනිෂා ආදරය ගැන කියන කතාව | HOT GOSSIP STORY ABOUT KALINDU KARUNARATNE & MANEESHA CHANCHALA

මම හිතන්නේ ගැහැණු ළමයෙකුට ලැබෙන්න ඕනේ විදිහේ සහකරුවෙක් තමයි කලිඳු කියන්නේ

තෙරුණි එහෙම නැතිනම් ජනප්‍රිය සුන්දර නවක නිළි මනීෂා චංචලා මේ වෙද්දී බොහෝ ප්‍රේක්ෂක ආදරය වගේම කාගෙත් අවධානය දිනා ගන්නට සමත් වී තිබෙනවා. ලාංකිකයන් ඇයව වඩාත් හදුනන්නේ ඇය රගපාන දෙරණ සිදු ටෙලි නාට්‍යයේ තෙරුණි චරිතය තුලින්. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් ඉන්න පවුලක බාලයා වූ ඇයගේ උපන් ගම මහනුවර නුගවෙල.

ඇය කියන විදිහට ඇය පුංචි කාලේ ඉඳන්ම කලාවට ළැදිකමක් දක්වලා තියෙනවා. ඉතින් ඇගේ හැකියාවන් තේරුම් ගත්ත මනීෂගේ අම්මයි තාත්තයි ඇයව කලාවට යොමු කරලා තියෙනවා. ළමා නිවේදිකාවක් විදිහට 2008 දී මහනුවර, කඳුරට ෆ්ම් එකත් එක්ක එකතු වුණ මනිෂා ඊට පස්සේ දෙරණ ලිටිල් ස්ටාර් තරඟාවලියට එකතු වෙලා ඇය එහි 12න් පහළ ගායන තරගාවලියේ 4 වන ස්ථානය දිනා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ තමයි මනිෂා රංගනයෙන් පුංචි තිරයට එකතු වුණේ. මේ වෙද්දී ඇය දක්ෂ ගායිකාවක්, රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් විදියට ප්‍රේක්ෂක අපට දැකගන්න පුළුවන්.

මේ වෙද්දී එදා ඔබ දැනගත් පුංචි කෙල්ල විවහා වෙන්නත් සුදානම් වෙනවා කියලයි අපිට දැනගන්නට ලැබුනේ.

ඇගේ ආදරය ගැන කතා කළොත් ඇ‍ය මේ වෙද්දි ඉතා සුන්දරව ආදරය විඳිනවා. ඇගේ පෙම්වතා තමයි දෙරණ ආයතනයේ ප්‍රවෘත්ති නිවේදක කලිඳු කරුණාරත්න. කලිඳු කියන්නේ හරිම අව්‍යාජ, කිසිම වාසියක් තකා බොරුවක් කියන්නේ නැති, හරිම අවංක, හැමෝටම හොඳින් සලකන, පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් නිසා තමයි ඇය ඔහුව තම පෙම්වතා විදිහට තෝරාගෙන තියෙන්නේ. ඉතින් එවැනි කෙනෙක් ලැබීමත් ඇගේ ලොකු වාසනාවක් කියලා තමයි ඇය කියන්නේ. ඒ අතිනුත් මම හරිම වාසනාවන්තයි. ඔහුගෙන් ඇගේ රංගන ජිවිතයට කිසිම තහංචියක් නෑලූ. විදියකින් නැහැ. ඇය ඔහු ගැන තවත් කිව්වේ මෙහෙම “මම හිතන්නේ ගැහැණු ළමයෙකුට ලැබෙන්න ඕනේ විදිහේ සහකරුවෙක් තමයි කලිඳු කියන්නේ. මට ඔහුගෙ සහයෝගය හැම මොහොතකම ලැබෙනවා. අපි මේ වෙද්දි අපේ විවාහය සැලසුම් කරගෙන යනවා. හැබැයි තවම කාලයක් තීරණය කරලා නැහැ” කියලා.

කලිඳු පෙන්නුවේ නැති වුණාට එයත් හොඳ ගායකයෙක්ලු. නිවේදනය තරම්ම ඔහුට ගායනයටත් ලොකු දක්ෂතාවක් තියෙනවාලු. ඉතින් ඉදිරියේදි දෙන්නගෙම සින්දුවක් අහන්න ලැබෙයි. කරගෙන ඇගේ ගමන ඉස්සරහට අරගෙන ඇවිත් සහ තවත් ජීවිතයේ ඉදිරියට යන කෙනෙක්ලු. ඇය මේ වන තෙක් වැඩ කරපු නිර්මාණවල හිටපු සියලුම ප්‍රවීණ කලාකරුවන්ගේන් ඇයට ලොකු සහයෝගයක් ලැබෙනවලු. ඔවුන් ඇ‍ය නොදන්නා හැමදේම කියලා දෙනවලු. ඉතින් ඇත්තටම ඇය රංගනය කියන දේ ඉගෙන ගෙන තියෙන්නේ ඒ ප්‍රවීණ අයගෙන් ලැබෙන ගුරුහරුකම් වලින් කියලා තමයි ඇය කියන්නේ.

ඇය මේ දිනවල සිඳූ ටෙලි නාට්‍යට අමතරව මේ දිනවල විකාශය වන සිහින සමාගමේ රූගත කිරීම් වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම හද රැඳි පැය වැඩසටහන ඉදිරිපත් කරනවා. ඇය කරපු අලුත් සිංදුවක් ළඟදීම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි ආරංචි. රටේ පවතින කොවිඩ් වසංගතය එක්ක අලුත් නිර්මාණ කටයුතු නම් කෙරෙනවා අඩු වුවත් හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් ඇය එය භාර ගන්න කැමැත්තෙන් ඉන්නවලු. චරිත තෝරා ගැනීමේදී මුලින්ම ඒ චරිතය තුළ ඇයට දෙයක් කරන්න තියෙනවද කියන එක බලලා ඇයට ඒ චරිතයට සාධාරණයක් කරන්න බැරි නම් ඇය එම චරිතය භාර ගන්නේ නැහැලු. ඒ වගේම ඇයගේ වැඩි කැමැත්ත එකිනෙකට වෙනස් වූ චරිත කරන්නලු. ගායනයට වගේම රංගනයටත් එක සේ දක්ෂ මනීෂා ඒ දෙකටම දායක වෙන්නේ ගොඩක් කැමැත්තෙන්. ඉතින් ඒ හින්දා ඒ දෙකම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවලු. මේ දවස්වල විශාරද විභාගයට වෙනුවෙන් සූදානම් වෙන්න ඒ වෙනුවෙන් පන්ති යනවා කියලා අරංචි. කලාවට සම්බන්ධ වීම ගැන අද මොකද හිතෙන්නේ? කලාවට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු වාසනාවක් විදිහට දකින ඇය ඒ ගැන කියන්නේ මෙහෙම “ගොඩක් අයට කලාවට එන්න හීන දැක්කත් ඒ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වාසනාවව මට ලැබිල තියෙන නිසා ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා” කියලා.

No comments:

Powered by Blogger.