Header Ads

Breaking News
recent

එස්.බී එන්නත විද ගත්තේ පිරිසකට බයවෙලාලු - බය වුණේ කාටදැයි ඔහුම කියයි - (video)

යේ (18) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාගෙන් ඔහු එන්නත ලබා ගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් විමසා සිටි අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින් හාස්‍ය ජනක ප්‍රකාශයක් කර තිබුණි. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් කොරෝනා වෛරසය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේ මාධ්‍යවේදීන්ට තිබූ බිය නිසා බවයි.

එස්.බී දිසානායක මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ “මාධ්‍යවේදීන් නිසා තමයි එන්නත ගත්තේ, ඔයාලා නිසා..ඔයාලාට තියෙන බයට..ඔයාලා ඇවිල්ලා ළං වෙලා ගහනවානේ ඕවා.. ඔවා ගහලා මට කොරෝනා හැදුනොත්..” ලෙසිනි. 

එසේ පැවසූ මන්ත්‍රීවරයා විසින් සිනාසෙමින් පවසා සිටියේ මාධ්‍යවේදීන් ගැන සිතා තමන් කොරෝනා එන්නත විද ගත බවයි.

එමෙන්ම මාධ්‍යවේදීන් බොහෝම ළංවෙලා කැමරා උපකරණ සහ මයික්‍රෝපෝනයන් අල්ලන නිසා තමන් බය බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.

එමෙන්ම මන්ත්‍රීවරයා මයික්‍රෝපෝනයක් පෙන්වා කියා සිටියේ “මේවාගේ වුණත් කොරෝනා තියෙන්න පුළුවන්නේ” ලෙසිනි.

මන්ත්‍රීවරයා පළ කළ සම්පුර්ණ අදහස පහතින්,


No comments:

Powered by Blogger.