Header Ads

Breaking News
recent

"ගහපන් පුළුවන් නම්" - සාකච්ඡාවෙන් පසු ඇමැති අජිත් නිවාඩ්ගේ නිවස ඉදිරිපිට උණුසුම් තත්වයක් - (video)

ස් කර්මාන්තකරුවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ බස් සංගම් නියෝජිතයින් අතර අද (08) සාකච්ඡාවක් පැවැත්විණි. බස් වර්ජනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ඊයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණද පසුව බස් සංගම් තීරණය කළේ අද (08) පෙරවරුවේ සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීමටය. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් මහතාගේ කොළඹ පිහිටි නිවසේ අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැති අතර ඒ සඳහා බස් සංගම් නියෝජිතයින් පැමිණි සිටියහ.

එම සාකච්ඡාවෙන් පසු සැලසුම් කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව කල් දැමීමට බස් සංගම් නියෝජිතයින් තීරණය කළේය.

කෙසේ වෙතත්, සාකච්ඡාව අවසන්වීමෙන් පසු එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බස් සංගම් නියෝජිතයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස් සංගම් නියෝජිතයින් සඳහන් කළේ ගැටළුකාරී තත්ත්වය මධ්‍යයේ වූවද බස් රථ ධාවනයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් සතියකින් කල් දැමීමට අද පැවති සාකච්ඡාවේදී තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, සාකච්ඡාවට එක්වූ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ මේ සතිය තුළදී අදාළ ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා කටයුතු කරන බවයි.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ බිඳ වැටී තිබූ බස් කර්මාන්තය සහ ලීසිං පහසුකම් ගෙවීමේදී මුහුණපාන ගැටළු පිළිබඳව රජයේ අවධානය නිසි පරිදි යොමු නොවන බවට චෝදනා කරමින් බස් සංගම් අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වීමටයි තීරණය කර තිබිණි.

එම වීඩියෝව පහතින්,



No comments:

Powered by Blogger.