Header Ads

Breaking News
recent

එතුමා තමන්ගේ කාලයේ කරපු වැරදි වලට දඬුවම් දෙන්න ගියොත් ජනාධිපතිවරයෙක් නොවෙයි ආණ්ඩුවවත් ඉතුරු වෙන්නෙත් නෑ - දයාසිරි ජයසේකර

ණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එල්ලවන කෙනහිලිකම් තවම පවතින බව ශ්‍රී ලංකා එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් ඉදිරි මැතිවරණවලදී පක්ෂයක් ලෙස පක්ෂයේ ශක්තිය ආරක්ෂා කළ හැකි වැඩපිළිවෙලකට යාමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් සන්ධානයක් ලෙස ඉදිරියටද අඩුපාඩු වැරදි සකසාගෙන ඉදිරියටම යාමට අදහස් කර සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ එම පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් පල කරමිනි.

හිටපු ජනාධිපතිවරුනට ඉන්නා ජනාධිපතිට මුක්තියේ බලය ලැබෙනු යුතු බවද පැවසූ ඔහු ‘එතුමා තමන්ගේ කාලය තුල කරපු වැරදි වලට දඬුවම් දෙන්න ගියොත් මේ රටේ අනාගතයක් ඉතුරු වෙන්නෙ නෑ. ජනාධිපතිවරයෙක් නොවෙයි ආණ්ඩුව වත් ඉතුරු වෙන්නෙත් නෑ’ යයිද පැවසීය.

ජනාධිපතිවරයකු ක්‍රියා කළ කාලය තුළ ජනාධිපතිට මුක්තියේ බලය තිබිය යුතු බවද ඔහු සඳහන් කළේය.


No comments:

Powered by Blogger.