Header Ads

Breaking News
recent

යූඑන්පීද, ශ්‍රී ලංකාද, සමගි ජන බලවේගයද ත්‍රස්තයාට අදාළ නෑ..කාදිනල්තුමන්ගේ බලපෑම මත ආණ්ඩුව අපහසුතාවක සිටින්නේ - ඥාණසාර හිමි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස තිබෙන්නේ ආගමික ප්‍රශ්නයක් මිස දේශපාලන ප්‍රශ්ණයක් නොවන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙන්වා දෙයි. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ මෙන්ම ඉන් පීඩාවට පත් පිරිසට සාධාරණයක් ඉටුවන්නේ මෙම ප්‍රශ්නය හරියටම තේරුම්ගෙන මේ අන්තවාදය ඇතිවීම වැළැක්වීමට කටයුතු කිරීමෙන් පමණක් බව පෙන්වා දෙන උන්වහන්සේ අවාසනාවකට අද මෙම ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට ආණ්ඩු විපක්ෂ සියල්ලන්ම පත්කොට ගෙන තිබෙන බවද සඳහන් කරයි.

ඉන් සිදුවන්නේ තමන් වහන්සේලා 2012 සිට පෙන්නපු ඉස්ලාම් අන්තවාදී අනතුර යටපත් වීමක් බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

බෝම්බ පුපුරා ගැනීමේදී මෙයා යූඑන්පීද, ශ්‍රී ලංකාද, සමගි ජන බලවේගයේද කියන කාරණය ත්‍රස්තයාට අදාළ නැති බවත් බෝම්බයේ ඵල විපාකය හැමෝටම පොදු බව ද පෙන්වාදෙන උන්වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සිද්ධිය සෙමින් ගවේෂණය කළ යුතු කාරණයක් බව තමන් වහන්සේට පෙනී යන කාර්යයක් බවද උන්වහන්සේ අවධාරණය කරයි.

කාදිනල්තුමාගේ දැඩි බලපෑම මත ආණ්ඩුව ද බරපතළ අපහසුතාවයකට පත්ව තිබෙන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

අන්තවාදය යනු පිළිකාවක් බදු දෙයක් බවත් එය හරියාකාරව තේරුම් ගත යුතු බවත් ඉස්ලාම් අන්තවාදය සුව කළ යුත්තේ පිළිකාවක් සුව කළ යුතු ආකාරයට බවද උන්වහන්සේ සඳහන් කරයි.

විශාල දේශපාලන පටලැවිල්ලක් සමඟ පාස්කු ඉරුදින ප්‍රහාරය විනිවිද ගිය ප්‍රශ්නයක් බවට දැන් පත්ව තිබෙන බැවින් රට ඉතාමත් අවදානම් තැනක සිටින බවත් එය ඉතා ආසන්නයේ පිපිරීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්ද උන්වහන්සේ කරයි.

ගලබඩඅත්තේ ඥානසාර හිමියන් මෙම අදහස් පළ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරයට දෙවසරක් පිරීම මුල්කොටගෙන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

No comments:

Powered by Blogger.