Header Ads

Breaking News
recent

රාජ්‍ය ආයතන රැසක් කොටස් වෙලදපලේ විකුණන්න දමයි

රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසාය කිහිපයක කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ආයෝජකයින්ට විකිණීමට සැලසුම් කර තිබෙන බවත් එම ව්‍යවසායන්ගෙන් කිහිපයක් ඒ වෙනුවෙන් වන අයදුම්පත් කොළඹ කොටස් වෙළෙඳපොළට මේ වනවිට ඉදිරිපත් කර තිබෙන බවත් අනාවරණය වේ.

පසුගිය කාලයේදී වරින් වර වාර්තා වුණේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා පුද්ගලික ආයෝජකයින් කැඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිළධාරී, රජීව බණ්ඩාරනායක මහතා හෙළිදරව් කර තිබෙන්නේ රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසායන් කිහිපයක් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා කොටස් විකිණීමට මේ වනවිට ඉදිරිපත් වී සිටින බවයි.

No comments:

Powered by Blogger.