Header Ads

Breaking News
recent

ජනපති කැඳවූ මීටිම කැන්සල්! දිනේෂ්ට ජ්‍යෙෂ්ඨයන්ගෙන් පැමිණිලි!! විපක්ෂය ගේමකට සූදානම් වෙයි!!! EXCLUSIVE

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට අද (21) දහවල් 2ට ජනාධිපති ලේකම් කාර්යාලයේ කැදවා තිබූ සාකච්ජාව හදිසියේම අවලංගු කිරීමට පියවර ගෙන ඇත. ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආණ්ඩුවේ සියලුම මැතිඇමැතිවරුන්ට දැනුම් දී තිබුණේ අද දහවල් ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවක් කැදවා ඇති බවත්, පෝට්සිටිය සම්බන්ධයෙන් එහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කෙරෙනු ඇති බවත්ය.

කෙසේවෙතත් මෙම කැදවීමෙන් අනතුරුව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසක්ම සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මුණගැසී පෙන්වා දී ඇත්තේ පාස්කු ප්‍රහාරයට වසර 2ක් පිරෙන අද දිනයේ ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්, මෙම රැස්වීම පැවැත්වෙන අතරවාරයේ විපක්ෂය කිසියම් දේශපාලන උපක්‍රමයක් දියත් කළහොත් ඊට මුහුණ දීමට කිසිවකුත් පාර්ලිමේන්තුවේ නොමැති බවත්ය.

ඒ අනුව මෙම තත්ත්වය ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු සාකච්ජාව හෙට (22) දිනය දක්වා කල්තබා ඇති බව දැනගන්නට ඇත.

මේ අතරවාරයේ ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවා ඇති බවට වාර්තා වීමත් සමග විපක්ෂයද ඊයේ දිනයේදී රැස්වී දේශපාලන උපක්‍රම රැසක් සාකච්ජා කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.

No comments:

Powered by Blogger.