Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු සහ තිස්ස කුට්ටිආරච්චි මහ වලියක - කුණුහරුප කියමින් ගුටිබැට හුවමාරුවක් | Parliament Hot News



හෙට සහ අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් අද (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර නොසන්සුන්තාවක් ඇති විය.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී ප්‍රකාශ කළේ, විපක්ෂය දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය තම පක්ෂය ඉල්ලූ බවත් තම පක්ෂයට විවාදය ආරම්භ කිරීමට ඉඩ ලබා දිය යුතු බවත් ය.


"හෙටයි අනිද්දයි තියෙන දේශපාලන පළිගැනීම් ජනාධිපති කොමිෂන් වාර්තාවේ විවාදය ඇත්ත වශයෙන් ම මේ විවාදය ඉල්ලුවේ අපි. ඔබතුමා දන්නවා අපි පක්ෂ නායක රැස්වීමේදී මේක ගැන සටන් කෙරුවා. ඔබතුමාලා කල් දැම්මා නීති ප්‍රශ්න දාලා. පස්සේ ඔබතුමා අපේ වාසනාවට නීති ප්‍රශ්න නෑ කියලා පිළිගත්තා. ඉතින් අපි තමයි මේ විවාදය ඉල්ලුවේ. ඉතින් අපිට මේක ආරම්භ කරන්න ඉඩ දෙන්න ඕනේ."

අනතුරුව ඊට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍ය සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයාගේ යෝජනාවට ඉඩ දී විවාදය ලබා දීමට එකඟ වූ බවය.

"කිරිඇල්ල සංවිධායකතුමා ඔය කතාව ම කිහිප සැරයක් පක්ෂ නායක කමිටුවේ ඔබතුමාගේ නායකත්වයෙන් තිබුණ එකේ පෙරේදා කරලා අපි එකඟතාවකට ආවා අපේ ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාව ඉදිරිපත් කරලා විවාදය දෙන්න. නිකම් ප්‍රචාරයට සහ කිසි ම වගකීමක් නැති කතාවන් කරන්නේ නම් ඊට තියෙන විකල්පයත් අපි ඒ අවස්ථාවේ දී යොජනා කළා. ඔබතුමාලට ඕනේ නැත්නම් අපි government business move කරනවා. ඉතා පැහැදිලිව අපි කිව්වා. ඒක නිසා ගරු සංවිධායකතුමා වගකීමෙන් වැඩකරන්න කියන ටික විතරක් මන් ගෞරවයෙන් කියනවා."

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තම විපක්ෂය විවාදය ඉල්ලූ බවත් කතානායකවරයා ට සාධාරණ වන ලෙසත් ය.

ඊට පිළිතුරු දුන් කතානායකවරයා සඳහන් කළේ, එය තමන්ගේ කාර්යයක් නොවන බවත් එම විවාදය ආරම්භ කිරීම සඳහා ආණ්ඩු පක්ෂයට ඉඩ දීමට පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් තීරණය කර ඇති බවත් ය.

නැවතත් සභාව ඇමතූ කිරිඇල්ල මන්ත්‍රීවරයා.

"පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි විවාදය ඉල්ලපු අයට විවාදය ආරම්භ කරන්න ඉඩ දෙන්න. මේක බොහො ම සරල දෙයක්."

පසුව සභාවේ වැඩකටයුතු කරගෙන යාම සඳහා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණු පනත ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ ය.

"කාලය නාස්ති කරන්න ඕනේ නෑ. අපි තීරණය කරපු දෙයක් ආපහු කතා කරන්න දෙයක් නැහැ."

ඊට පිළිතුරු දුන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, එවැනි තීරණයක් නොගත් බවය.

ඊට නැවතත් පිළිතුරු දුන් සභානායකවරයා.

"තීරණයක් ගත්තා. තමුන්නාන්සේ තීරණයක් ගත්ත තැන හිටියා. ඉඳලා මෙතන ඇවිල්ලා බොරු කියන්න එපා. සම්පූර්ණ බොරු නොමග යවන දේවල් කියන්න එපා."

පසුව සභාව අමතමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විවාදය ඉල්ලූ පාර්ශවයට විවාදය ආරම්භ කිරීමට ඉඩ දිය යුතු බවත් එසේ නොකරන්නේ නම් එය වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් බවත් ය.

"කල් තැබීමේ විවාදයකට යම් මාතෘකාවක් පිට යම් පාර්ශවයක් ඉල්ලුවා නම් දැන් මෙවැනි පූර්වාදර්ශයක් ඔබතුමා ඇතිකරනවා නම් අපි යෝජනා කරන ඕනෑ ම මාතෘකාවට ඒ මාතෘකාව ම අපි ඉදිරිපත් කරනවයි කියලා ආණ්ඩුවට ඒක හයිජැක් කරගෙන යන්න පුළුවන්. මේක වැරදි පූර්වාදර්ශයක්."

අනතුරුව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊට පිළිතුරු දුන් අතර පහු සඳහන් කළේ, විවාදය පිළිබඳ තීරණය ගන්නා අවස්ථාවේදී පක්ෂ නායක රැස්වීමේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ද සිටි බවය.

"මෙතන ඇවිල්ල බොරුවට ප්‍රචාරය කරනවා. අපි ඉතා ම පැහැදිලිව කිව්වා වැඩි ම සියයට සියයක් දේශපාලන හා වදහිංසා ලැබුවේ අපේ හිතවතුන් හා අපේ පාක්ෂිකයන් කියලා. ලැජ්ජ නෑ... ඔබතුමාට ලැජ්ජ නෑ කතා කරන්න අද. අපේ මන්ත්‍රීවරයෙක් තමයි වේදනාවෙන් යෝජනාව ගෙනැල්ලා තියෙන්නේ. ඔබලා කරේ වධදීම හා පළිගැනීම. වෙන මොනවද කළේ? ලජ්ජා නැතුව නැගිටිනවා. අපේ නායකයන්ගේ සිට වධ හිංසා තිබුණා.

ඔය මේ තිස්ස අත්තනායක මැතිතුමාට වධ හිංසා දුන්නා. ලැජ්ජාවක් තියෙනවා ද නැගිටලා ඉල්ලන්න යෝජනාවක්? අපිට තමයි අයිතිය තියෙන්නේ යෝජනාවක් ගේන්න. බොරුවට අරන් ගිහිල්ලා ඇතුළට දාලා තිබුණා. අපේ නායකයෝ ඔක්කෝ ම. රජයේ සේවකයන්. සියලු දෙනා ඇතුළට දැම්මා."

පසුව සභාව උණුසුම් වූ අතර කතානායකවරයා ක්‍රීඩා ඇමතිවරයාට කියා සිටියේ සභාවට පනත ඉදිරිපත් කරන ලෙස ය. කෙසේ වෙතත් එම අවස්ථාවේදී සභාවේ කටයුතු සඳහා බාධා ඇතිවුණු අතර කතානායකවරයා සභාව විනාඩි 10කට කල් තැබීමට කටයුතු කළේ ය.

එහිදී ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සභාව මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නිරතවනු දක්නට ලැබිණි.

ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කල්තැබූ පාර්ලිමේන්තුවේ කටයුතු මේ වන විට යළි ආරම්භ කර තිබේ.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Powered by Blogger.