Header Ads

Breaking News
recent

ආණ්ඩුවට බැරි නම් එන්නත් ගේන්න අපි ගේන්නම් - දෙමළ සන්ධානය කියයි

ජනතාවට එන්නත් ලබා දීමට ආණ්ඩුවට නොහැකි නම් විදෙස්ගත දෙමළ ජනතාවගේ සහාය ගෙන ලංකාවට එන්නත් ලබා දීමට තම පක්ෂය සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියෙ ආණ්ඩුවට මුදල් නැති නම් විදෙස්ගත දෙමළ ජනතාවගෙන් අරමුදල් එකතු කොට ඒ සඳහා පියවර ගත හැකි බවකි.
එමෙන්ම අමෙරිකාව වැනි රටවල එන්නත් අතිරික්තයක් පවතින බව කී ඒ මහතා අවශ්‍ය නම් එම රටවල්වලට කතා කොට එන්නත් ලබා ගත හැකි බවද කියා සිටියේය.

සෑම දිස්ත්‍රික්කයකටම පීසීආර් යන්ත්‍ර එක බැගින් හෝ පැවතිය යුතු බවත් ආණ්ඩුවට එය ලබා දීමට නොහැකි නම් තම පක්ෂය අරමුදල් එක්රැස් කොට එය ද ලබා දීමට සූදානම් බවත් සුමන්තිරන් මහතා කීය.


No comments:

Powered by Blogger.