Monday, May 12 2025

Header Ads

Breaking News

(EXCLUSIVE) පෝට්සිටි ඡන්දයේදී රතන හිමි කළ අමුතු වැඩක් එළියට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතට පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දීම හේතුකොට ගෙන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට විවිධ විවේචන එල්ල වෙමින් තිබේ.

මෙම පනත් තමන් වහන්සේ මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන්නේ ඇයි දැයි යන්න පිළිබඳව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විශේෂ හෙළිදරව්වක් කරයි.

පොදුජන පෙරමුණේ ම සන්ධානගත පක්ෂ හා සංවිධාන 12කින් සමන්විත කණ්ඩායමේ වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංශෝධන 12 න් 11කටම ජනපතිවරයා හා අගමැතිවරයා එකඟතාවය පළ කිරීම හේතුවෙන් තමන් වහන්සේ එම පනතට පක්ෂව ඡන්දය දුන් බව රතන හිමියන් හෙළිදරව් කරයි.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම සංශෝධන පිළිගැනීමත් සමග වරාය නගර පනත් කෙටුම් පතේ තිබූ බොහෝ වියවුල් තැන් නිරවුල් වූ බවද උන්වහන්සේ අවධාරණය කරයි.

එමෙන්ම සමගි ජන බලවේගය ඉදිරිපත්කල ඇතැම් සංශෝධන සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඉල්ලූ බෙදීම් නැතහොත් ඡන්දවලදී තමන් වහන්සේ එම සංශෝධන වලට එරෙහිව ඡන්දය නොදුන් බවත් එහිදී නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවත් සඳහන් කරයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කර ඇති අතර මේ වන විට උන්වහන්සේගේ සහයෝගයද ආණ්ඩුවට ලබාදී තිබේ.

ඒෂියන් මිරර්

Leave a Comment

Powered by Blogger.