චමුදිතගෙන් බස්නාහිර අපරාධ කොට්ඨාසයට පැය 05ක ප්‍රකාශයක්
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ඊයේ (09) කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පැය 05කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
තමන්ට ඇති ජීවිත තර්ජන පිළිබඳව මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාට ලිපියක් මගින් කළ පැමිණිල්ල මත මෙම ප්‍රකාශය ලබා දීමට ඔහු අද බස්නාහිර අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණි. රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ නිළි පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායන නීති කඩකරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත් වූ උපන්දින සාදය සම්බන්ධයෙන් රූපවාහිනි වැඩසටහනකදී ප්‍රශ්න කිරීමෙන් පසුව තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට සමරවික්‍රම මහතා සඳහන් කර තිබුණි.
සවස තුනට පමණ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට ගිය චමුදිත සමරවික්‍රම මහතාගෙන් මෙම තර්ජන සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එමෙන්ම ඔහුගේ මාධ්‍ය ජීවිතය සහ මීට පෙර පැවැති තර්ජන සම්බන්ධයෙන්ද ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

No comments: