Friday, February 21 2025

Header Ads

Breaking News
  

යන්න බෑ! සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට වෙළෙද කලාපය තහනම් කලාපයක් වෙයි

දිවයින පුරා පිහිටි ‌නිදහස් වෙළෙද කලාපයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට තහනම් කලාපයන් බවට පත්‌ කොට ඇතැයි එම සංගමය චෝදනා කරයි.

එම සංගමයේ මහලේකම් මහින්ද බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අදාළ පරිශ්‍ර නිරීක්ෂණය කිරීම සදහා ඒවායේ කළමනාකාරවරුන් විසින් ඉඩ ලබා නොදෙන බවකි.

මෙම ඇගළුම් ආයතන තුළ සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරමින් රාජකාරී කටයුතු සිදු කරන බවත්, ඇතැම් කළමනාකරුවන් ලබා දී ඇති එන්නත් පවා අවභාවිත කරන බවට ‌පැමිණිලි ලැබී ඇති බවත් ඒ මහතා කියයි.

එමෙන්ම පීසීආර් පරීක්ෂණ සිදු කළ යුතු සේවකයන් පිළිබද පවා තීන්දු තීරණ ගන්නේ එහි කළමනාකරුවන් විසින් බවද ඒ මහතා පෙන්වා දෙයි.


Leave a Comment

Powered by Blogger.