Header Ads

Breaking News
recent

චමුදිත සමග එක්ස්ප්‍රස් පර්ල් ගැන කතා කළ මහාචාර්යවරිය සී.අයි.ඩි.යට

එක්ස්-ප්‍රෙස් පර්ල් ව්‍යසනය පිළිබඳව යූ ටියුබ් නාලිකාවක් සඳහා චමුදිත සමරවික්‍රම සමග කළ සාකච්චාවක දී කළ ප්‍රකාශයන් පිළිබඳ මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන ඊයේ (09) රහස් පොලිසියේ විශේෂ ප්‍රශ්න කිරීමකට ලක් වූවාය. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කළ මහාචාර්යවරිය අවධාරණය කළේ තමන් උක්ත මාධ්‍ය සාකච්ඡාව සඳහා එක් වූයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරීක්ෂණ සඳහා ඉන්ටර්පෝල් පොලිසියේ සහය ලබා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීමට බවය.

“ මා සී.අයි.ඩී. එකට පැහැදිලි කළා මගේ මෑත ප්‍රවෘත්ති සාකච්ඡාවේ පරමාර්ථය වුණේ නිසි පරීක්ෂණයක් සඳහා ඉන්ට්පොල් සහාය ලබා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීම බව. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් සම්බන්ධයෙන් මගේ තර්කයට සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකි සියලුම ලියකියවිලි රහස් පොලිසියට භාර දී තිබෙනවා.“

මහාචාර්ය විජේගුණවර්ධන මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී කියා සිටියේ ඉන්ටර්පොල් විසින් මෙම නෞකාව පිළිබඳව පාකිස්ථානය, බංගලාදේශය සහ ඉන්දියාව දැනුවත් කර ඇති බවත් ශ්‍රී ලංකාව දැනුවත් නොකිරීමට හේතුව කුමක්දැයි විමසිය යුතු බවත්ය.

මෙම නෞකාවේ බැරල් 15000කට වැඩි ප්‍රමාණයක් රසදිය හා තෙල් අඩංගු බහාලුම් වෙනත් රසායනික ද්‍රව්‍ය සමග රැගෙන ගොස් ඇති බවත් ඇය කීවාය.


No comments:

Powered by Blogger.