අගමැති හමුවන්න ආ මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා.. අගමැති හමුවන අයට කොරෝනා පරීක්‍ෂණ !
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදිත වී ඇතැයි හඳුනාගෙන තිබේ.
අග්‍රාමාත්‍යවරයා හමුවීමට මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව හෙළි වී ඇත.
අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙන පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරමින් ඇත.

No comments: