Header Ads

Breaking News
recent

නගරාධිපතිට පොලීසියේදී උපන්දිනය සමරන්න දුන් පොලිස් ලොක්කාට මාරුවක් - නගරාධිපතිගේ උපන්දින සාදය ගැන විමර්ෂනයට විශේෂ පොලිස් කණ්ඩායමක්


කුරුණෑගල පොලිසිය ඊයේ (30 වැනිදා) රාත්‍රී සංවිධානය කර තිබූ පිරිත් සජ්ජායනාවක් අතරතුර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතාගේ උපන්දිනය සැමරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  පැවැසීය.

මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම නිරෝධායන නීතිවලට පටහැනිව සිදුකරන ලද්දක් බවත්ල මෙවැනි දේ පොලීසිය සම්බන්ධවී නොකළ යුතු කි‍්‍රයාවක් බවත් හෙතෙම කියා සිටියේය.

පිරිත් සජ්ජායනාවකට පැමිණ උපන්දින කේක් කපමින් සිදුකළ මෙම කි‍්‍රයාව සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කොවිඩ් -19 වසංගය දුරුවේවාෟයි ප‍්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ‍්‍රයේ දී පැවැත්වෙන අතරල එම පිරිත් දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා පෙරේදා පස්වරුවේ සහභාගි වී තිබේග එහිදී පෙරේදා දිනට යෙදි තිබු නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමද සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුවිය.

එහිදී නගරාධිපතිවරයා පැළඳ සිටි සිය මුඛ ආවරණය ගලවා කේක් කැපීම සිදුකර ඇත.

No comments:

Powered by Blogger.