Header Ads

Breaking News
recent

ජනපති හදිසි සාකච්ඡාවක් කැඳවයි! තීන්දුවක් ගන්න යයි

සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යන්නේ ද එසේ නොමැතිනම් එහි වෙනසක් සිදුකළ යුතුද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දෙන්නේ එම සංචරණ සීමා පිළිබඳ තීරණය ගනු ලබන්නේ ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් බවයි. 

කෙසේ වෙතත් ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් පැවතුනද, කොරෝනා පොකුරු වශයෙන් වාර්තාවීම ඒ ආකාරයෙන්ම පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.

ඊයේ දිනයේ මෙරටින් අලුතින් ආසාදිතයන් 1941 දෙනෙකු වාර්තාවූ අතර, එය සටහන් වූයේ දින 45 කට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. 

ඊයේ හඳුනාගැනුනු ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 386 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 261 ක්, කළුතරින් 252 ක්, මඩකලපුවෙන් ආසාදිතයන් 133ක්, කෑගල්ලෙන් 125 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 100 දෙනෙකු ඊයේ හමුවුණා.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 483,910 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

එහි පළමු මාත්‍රාව 1474,958 දෙනෙකුට ලබාදී අවසන්. එමෙන්ම මෙරට සිටින චීන ජාතිකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2,865 කට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 2,435 කට ලබාදී තිබෙනවා.

එමෙන්ම ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව එක්ලක්ෂ 13,454 කට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,363 කට ලබාදී අවසන් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


No comments:

Powered by Blogger.