රට විවෘත කරන දවස හමුදාපති හරියටම කියයි
මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවට පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව 14 වැනි සඳුදා සංචරණ සීමා ලිහිල්වනු ඇති.
කෙසේ වෙතත් එදින ජාතික හැඳුණුම්පත් ක්‍රමයක් හෝ වෙනත් සීමාවක් ක්‍රියාත්මක වන්නේ දැයි මෙතෙක් තීරණය කොට නැති බව පැවසෙනවා.
සෞඛ්‍ය අංශ පසුගිය දා ප්‍රකාශ කොට සිටියේ සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීම යහපත් බව තම හැඟීම බවයි.


No comments: