Header Ads

Breaking News
recent

සජිත් එළියට එයි! පළමු රැස්වීමේදීම ගම්මන්පිලට විශ්වාසභංගයක් ‌ගේන්න තීන්දු කරයි!!

ජනතාවට දරා ගත නොහැකි ලෙස තෙල් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වශයෙන් වගකිවයුතු උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සමගි ජන බලවේගය අද (15) තීන්දු කළේය. ඒ අද පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීය.

කොරෝනා ආසාදනය වී සුවවීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ පළමු රැස්වීම වූයේද මෙයය.

ඊළග පාර්ලිමේන්ත්‍රව රැස්වන දිනයේ මෙම යෝජනාව කතානායකවරයා වෙත බාරදීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.

මෙම රැස්වීමට රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, හරීන් ප්‍රනාන්දු, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, ඉමිතියාස් බකීර් මාකාර්, තිස්ස අත්තනායක, එස්. එම්. මරික්කාර් සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත.

පැය දෙකහමාරකට ආසන්න කාලයක් පුරා පැවැති සාකච්ජාවකින් පසු මෙම විශ්වාසභංගය සම්බන්ධයෙන් වූ තීන්දුව ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

මේ ආකාරයට තෙල් මිල සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව මීට දින දෙකකට ඉහතදී මව්රට වෙබ් අඩවිය මගින් පළමු වරට රටට අනාවරණය කිරීමටද අපි කටයුතු කළෙමු.


No comments:

Powered by Blogger.