Header Ads

Breaking News
recent

රටේ ආර්ථිකයත් හරියට එක්ස්ප්‍රස් පර්ල් නැව වගේ - බැසිල් ආවා කියල ගොඩගන්න බැහැ

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියද වැටී තිබෙන ආර්ථිකය ගොඩගත නොහැක බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

රටේ ආර්ථිකය මේ වන විට හරියට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වැනි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. 

''ආර්ථික හසුරුවන කාර්ය සාධක බලකා ගණනාවක මූලිකයා වෙලා හිටියේ බැසිල් රාජපක්ෂ මහත්තයානේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. ළඟදී අර නැවක් ගිනිගත්තනේ එක්ස්ප්‍රස් පර්ල් කියල. මුලදී ගින්න නිවන්න හැදුවා හරි ගියේ නැහැ. ඊළඟට නැව අදින්න කියල කට්ටියක් ආවා. අන්තිමට ඇදන් යනකොට දෙකට කැඩිලා ගිලා බහිනවා. බැසිල් මහත්තයා ආවත් ඔච්චර තමයි. ආර්ථික දැන් අර එක්ස්ප්‍රස් පර්ල් නැව වගේ. ගිනිගන්නවා. ගිලා බහිමින් ඉන්නේ. බැසිල් මහත්තයා අදින්න ගිහාම වෙන්නේ තවත් කඩා වැටෙන එක. බැසිල් මහත්තයට තියා ඔය රාජපක්ෂ පවුලේ කිසිකෙනෙකුට මේ රටේ අද වැටිලා තියෙන ආර්ථිකය ගොඩගන්න බැහැ. මොකද මේකට වගකිවයුත්තෝ එතුමන්ලා. බැසිල් මහත්තයට බැරි නම් ඇමරිකන් පුරවැසිකම අත්හැරලා රටේ පුරවැසිකම ගන්නවත් එහෙම ආදරයක් රටට නැත්නම් තව මොනවා කතා කරන්නද.''

කෙසේවෙතත් ඔවුන්ගේ නව ආණ්ඩුවක් බලයට පැමිණි පසු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන නැවත ගෙන එන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ. 

No comments:

Powered by Blogger.