Header Ads

Breaking News
recent

Mask වෙනුවට Face shield පැළඳීම ප්‍රමාණවත් නෑ..! – රූපවාහිනි වැඩසටහන් වල ජනතාව නොමඟ යවයි

දැන් දැන් බොහෝ රූපවාහිනි වැඩසටහන් වල දක්නට ඇති දේ වන්නේ ඔවුන් නීතියෙන් ගැලවෙන්නට මෙන් ෆේස්මාස්ක් එක වෙනුවට ශීල්ඩ් එකක් පමණක් භාවිතා කිරීම දක්නට ලැබීමයි. එහෙත් එය යෝග්‍ය නොවන බවට සෞඛ්‍ය අංශ පුන පුනා කීවත් දෙනෝ දාහක් නරඹන රූපවාහිනියේ කරන මෙවැනි දේ ජනතාව නොමග යෑවීමක් බවට කිව හැකිය.

කෙසේ වෙතත් මේ පිළිබඳව කිසිඳු වගකියුතු අංශ වලින් නීතියක් ක්‍රියාත්මක නොවේ.

ඊයේ “Mask වෙනුවට Face shield පැළඳීම ප්‍රමාණවත් නෑ..! ” සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මේ පිළිබඳව ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සටහනක් පල කර තිබුනේය.

එය පහතින්,

Mask එකක් වෙනුවට Face shield එකක් පැළඳීම ප්‍රමාණවත්ද..? කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ!

අපි මුව ආවරණයක් පැලඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය රෝගී කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අවකාශය හරහා covid ගමන් කිරීම හැකිතාක් අවම කිරීමයි. යම් මුව ආවරණයක් (Mask) මගින් පෙරහන් කිරීම කෙතරම් සාර්ථක ද යන කාරණය මත මෙන්ම, එය කෙතරම් හොඳින් මුහුණට සවි වේ ද යන කාරණය මත මෙය රඳා පවතිනවා.

එනමුත් Face shield එකක් මගින් ලැබෙන ආරක්ෂාව වන්නේ තමාට ආසන්නයේ සිටින කෙනෙකුගේ මුවින් විසිවන විsaබීජ සහිත කෙල බිදිති කෙලින්ම මුහුණ මතට පතිත වීම වැළැක්වීමයි.

තමාට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසූ අවස්ථාවක බිඳිති කෙලින්ම තමාගේ මුහුණ මත පතිත වීම වැළැක්වීම සඳහා මුව ආවරණයකට අමතරව face shield එකක් පැළඳීම අවශ්‍ය නම් කල හැකියි. මීට අමතරව, පැළඳ සිටින මුව ආවරණය මතට බිඳිති පතිත වීම මගින් එය අපිරිසිදු වීම වැළැක්වීම සඳහාත් face shield එකක් භාවිතා කිරීම අනුමත කළ හැකියි. මෙය විශේෂයෙන්ම කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සමඟ නිතර ගැවසෙන රෝහල් කාර්ය මණ්ඩලයට මුව ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහා උදව් වනවා.

එහෙත් කිසිම විටෙක Face shield එකක් මුව ආවරණයක් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වන්නේ නෑ. මුව ආවරණයක් නොමැතිව Face shield එක පමණක් පැළදීම මගින් අපේක්ෂිත ආරක්ෂාව කිසිලෙසකත් ලැබෙන්නේ නැහැ.

මේ ගැන සාකච්ඡා කිරීමේදී අවධාරණය කල යුතු තව කරුණක් තියෙනවා. මුව ආවරණයක් පැළඳීම කියන්නේ අප මේ covid ආරක්ෂා වීමට යොදා ගන්නා එක් උපක්‍රමයක් පමණයි. මුව ආවරණයක් පැළැඳි පමණින් වුවත් සියට සියයක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

මේ covid පැතිරීම අවම කර ගැනීමට නම්, මෙවැනි ආරක්ෂණ උපක්‍රම යොදා ගැනීම වගේම, සෙනග ගැවසෙන ස්ථාන හැකිතාක් මගහැරීම හා දෑත් නිතර පිරිසුදුව තබා ගැනීම වැනි දේ එක ලෙසම වැදගත් වනවා.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය


No comments:

Powered by Blogger.