දෙවනගලම හඬවා අවසන් ගමන් යන පවුලට අවසන් ගෞරව දක්වන්න කොවිඩ් නීති නොතකා විශාල පිරිසක් - (photos)
අරණායක, දෙවනගල, අල්ගම ප්‍රදේශයේ පසුගිය 05 වනදා සිදු වූ නාය යෑමෙන් මියගිය එකම පවුලේ සිව්දෙනාට අවසන් ගෞරව දැක්වීමට අද (07) පෙරවරුවේ සිට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා. තල්ගමුව, ඉලංගසූරිය විදුහල අසල නිවසක මෙම දේහයන් තැම්පත් කර ඇති අතර සංචරණ නීති, කොවිඩ් සෞඛ්‍ය නීති පවා නොතකමින් පිරිස් මෙම දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
පෙරේදා සිදුවූ මෙම නාය යෑමෙන් එකම පවුලේ පියා (57), මව (53), පුතා (29) සහ දියණිය (23) ජීවිතක්ෂයට පත් වුණා.






No comments: