Header Ads

Breaking News
recent

President TV: සුදේව සහ කිංස්ලි ජනාධිපතිට රූපවාහිනී නාලිකාවක් හදයි

ප්‍රසිඩන්ට් ටී.වී ( president tv ) නමින් නවතම චැනලයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රතිරූපය නැංවීම, වැඩපිළිවෙළ සහ දර්ශනය ජනතාව වෙත නිවැරැදිවත් පැහැදිලිවත් ගෙනයාම මෙම චැනලයේ අරමුණ වී තිබේ.

ඒ වෙනුවෙන් ආ‍රම්භ කෙරෙන මෙම ප්‍රසිඩන්ට් ටීවී චැනලයේ ප්‍රධානින් ලෙස ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක කටයුතු කරන බවත් දැනගන්නට ඇත.

මේ වන විට අදාළ චැනලය සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් වෙමින් ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම මේ වන විට ජනාධිපති ගේ මාධ්‍ය ප්‍රකාශකට මාධ්‍ය වෙත විස්තර කථන ලබාදීම සඳහා නව මැදිරියක් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඉදිකරන බවත් වාර්තා වෙයි.

-infosrilanka


No comments:

Powered by Blogger.