"ඔය කැමරාව මං පොඩි කරනවා" - පොලීසියෙන් මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් - (video)
සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සිදුවීමක් වාර්තා කරන්න ගිය රූපවාහිනී මාධ්‍යවේදියෙකු පොලීස් නිලධාරියෙකු පහර දීමට උත්සාහ කර තිබෙනවා.
සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක බොයිලේරු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දර තොගයක් එම ආයතනය විසින් ඊයේ (08) දිනයේ දී මිලදී ගෙන තිබුණා.
මෙම දර තොගය රැගෙනවිත් තිබුණේ බුත්තල ප්‍රදේශයේ සිටයි. මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව ගම්පහ අඩවි වන නිලධාරීන් කරන ලද විමර්ශනයකදී හෙළිවී තිබුනේ මෙම දර තොගය කිසිදු බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහන කර ඇති බවයි.
බුත්තල සිට සීදුව දක්වා රැගෙන එන අවස්ථාවේ කිසිදු සංචරණ සීමා අධික්ෂණය සඳහා දමා තිබූ පොලිස් මුරපොළකින් මෙම ලොරි රථය පරික්ෂා නොකර තිබීමද මෙහිදී විශේෂත්වයක් විදිහට දකින්නට පුළුවන්.
මෙම දොර තොගය සිය භාරයට ගැනීමට ගම්පහ අඩවි වන නිලධාරීන් කටයුතු කළ අවස්ථාවේ ඇඟලුම් කම්හල සේවයකයින් ඊට බාධා කර තිබුණා. ඒ හේතුවෙන් නිලධාරීන්ට පොලීස් සහාය පැතීමටද සිදුව තිබුණා.
ඒ අනුව එතැනට පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් සිදුවීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදියාට තර්ජනය කර කැමරාවට පහර දීමට උත්සාහ කර තිබුණා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

No comments: