Tuesday, May 6 2025

Header Ads

රාජපක්ෂලා වික්‍රමසිංහලා ගජමිතුරෝ... අල්ලනවා කියූ බැඳුම්කර හොරුන්ට දැන් සහන දෙනවා - අජිත්

රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා යනු ගජමිතුරන් බවත් අර්ජුන් ඇලෝශියස්ට යළි මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන සඳහා අවසර ලැබීමෙන් එය පැහැදිලි වන බවත් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරා මහතා පවසයි. 

"මේ ආණ්ඩුව බලයට ආවෙ පාස්කු ප්‍රහාරයේ නියම මහමොළකරුවො හොයලා දඬුවම් කරනවා කියලා. ඒවගේම මහබැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු ඒ පට්ට හොරුන්ට දඬුවම් කරනවා කියලා. හැබැයි අද වෙනකොට දඬුවම් කරනවා වෙනුවට හොරුන්ට සලකන තැනකට ඇවිල්ලා ඉන්නවා. අර රංජන් හිටපු කාලෙ කිව්වා මල්ලි මේ ඔක්කොම හොරු කියලා. ඒක ඇත්ත.

රාජපක්ෂලා වික්‍රමසිංහලා ගජමිතුරෝ. ඒගොල්ලොන්ගෙ න්‍යාය පත්‍රයට මේ වැඩකටයුතු වෙනවායි කියන එක බොහොම පැහැදිලිව පේනවා. 2015 ආණ්ඩුව අසාර්ථක වෙන්න හේතුවත් වික්‍රමසිංහ මහත්තයා ප්‍රසිද්ධියේ මොනවා කිව්වත් හදවතින් හිටියේ රාජපක්ෂලාත් එක්ක වීම. හොරකම්, වංචා, දූෂණ කලින් සිදුවුණු ඒවාත් වික්‍රමසිංහ මහතා අගමැති කාලෙ සිදුවුණු ඒවාත් එකක් පිළිබඳවවත් තර්කානුකූල අවසානෙකට ගිහිල්ලා වරදකරුවන්ට දඬුවම් දෙන තැනකට යන එක වැළැක්වුවේ වික්‍රමසිංහලා වෙනුවෙන් ඇලෝශියස්ලා වෙනුවෙන් ඒ රාජපක්ෂලාගෙ වුවමනාවට. හොරු කවදාවත් තමන්ගෙ රැහේ එකෙකුට දඬුවම් කරන්නෙ නෑ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා තීරණාත්මක අවස්ථාවන් මගහැරලා, 20 වෙනි සංශෝධනයෙදී පාර්ලිමේන්තුවේ හිටියෙ නෑ තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න, කොළඹ වරාය නගරය චීනාට පාවලා දෙන වෙලාවෙ හිටියෙ නෑ තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න, තමන්ගෙ ගජමිතුරන්ට අවශ්‍ය දේවල් හරියටම කළාට පස්සෙ ඕං මං ආවා කියලා පාර්ලිමේන්තුවට එන එකෙන් අපට යම් සම්බන්ධයක් පේනවා. වික්‍රමසිංහලා රාජපක්ෂලා ඇලෝශියස්ලා එකම කටවුට් එකේ එකට ගහන්න පුළුවන් එකම වර්ගයේ කට්ටිය" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


Leave a Comment

Powered by Blogger.