විමල්ගේ අමාත්‍යාංශයෙන් තවත් කොටසක් ගලවයි? | wimal weerawansa
විමල් වීරවංශ මහතා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයෙන් තවත් කොටසක් ඉවත් කිරීමට නියමිතව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.
මීට පෙර විමල් වීරවංශ මහතාගේ අමාත්‍යංශය යටතේ තිබූ එප්පාවල පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරනු ගනු ලැබීය.
සමීප දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ එම වාර්තාව තවදුරටත් සඳහන් කර ඇත්තේ ඇමරිකානු සමාගමක් විසින් කහටගහ පතල සඳහා ඉහළ වටිනාකමක් ඇති ලංසුවක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව කහටගහ පතල කර්මාන්ත අමාත්‍යංශයෙව් නුදුරේදීම ඉවත් කිරීමට නියමිතව ඇතැයිද සදහන්ය.

No comments: