Header Ads

Breaking News
recent

කෝටි 52ක නැවක් උස්සන්න විශ්‍රාමික නාවික හමුදා නිළධාරියෙක් සහ ප්‍රකට ව්‍යපාරිකයෙක් ගේමක

කෝටි 52ක නැවක් උස්සන්න විශ්‍රාමික නාවික හමුදා නිළධාරියෙක් සහ ප්‍රකට ව්‍යපාරිකයෙක් ගේමක

කෝටි 52 අධික වටිනාකමින් යුත්, මෝදර වරායේ දෙවසරකට අධික කාලයක්  නැංගුරම්ලා තිබෙන තම සමාගමට අයත්  නෞකාවක් මෙරට ඉහළ පෙළේ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගේ හා ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ සහාය ඇතිව පැහැර ගෙන යාමේ උත්සාහයක් පවතින බව මෙරට ධීවර කටයුතුවල නිරතව සිටින විදේශීය සමාගමක් පැමිනිල්ලක් ඉදිරිපත් කරමින් පවසයි.

ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කර තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා මෙරට ධීවර කටයුතුවල නිරතව සිටින විදේශීය සමාගමක් වන ‘සීමැක්ස්’ සමාගම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.තම සමාගමේ කටයුතු සඳහා 2019 වසරේ මෙරටට ගෙන්වන ලද එම නෞකාව 2020 වසරේදී ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කර මෝදර වරායේ නැංගුරම්ලා තිබෙන බව ද එම සමාගම සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

ඉහත කී නාවික හමුදා නිලධාරියා හා ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයා නීතිඥවරුන් පිරිසක් ද සම්බන්ධ කරගෙන මෙම නැව විදේශීය පුද්ගලයෙකුට  අත්පත් කරදීම සඳහා  මේ ආකාරයට කටයුතු කරන බව ද වසර එක හමාරක කාලයක් තිස්සේ සිදුවන මෙම ක්‍රියාව නිසා පීඩාවට පත්ව සිටින තමන්ට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද එම සමාගම සිය පැමිණිල්ල මගින් පෙන්වා දී  තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ බවට හැඟවෙන කූට ලේඛනයක් කොළඹ වාණිජ මහාධිකරණයට ඉදිරිපත් කර මෙම නැව අත්පත් කර ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ද පැමිණිලිකරු විසින් අපරාධ කොට්ඨාසයට සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අගතියට පත් එම සමාගම වෙනුවෙන් එහි නීති අධ්‍යක්ෂ අභිමානි රන්දෙණිය මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ චන්දික ජයසුන්දරල සංජීව දහනායකල ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

No comments:

Powered by Blogger.