බිරිඳ මට වඩා අවුරුදු 9 ක් වැඩිමල් - කවුරු මොනවා කිවුවත් මට ඇයව නම් එපා වෙන්නේ නෑ - ගායක ශිල්පී දිනේෂ් තරංග | Lanka Gossip Story about Dinesh Tharanga
කවුරු මොනවා කිවුවත් මට ඇයව නම් එපා වෙන්නේ නෑ
ගායක ශිල්පී දිනේෂ් තරංග
දිනේෂ් තරංග කියලා කියන්නේ වර්ට්නාමනයේ සිටින ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බව ඔබ දන්නවා ඇති. දිනේෂ්ගේ ගීත වලට ආදරේ කරන බොහෝ පිරිසක් ඔහුගේ පෞද්ගලික ජිවිතේ ගැනත් විස්තර දන්නවා. විශේෂයෙන්ම විවාහය ගැනත් ගොඩක් පුවත් පසුගිය කාලයේ දකින්න ලැබුනා. කොහොම වුනත් දිනේෂ් විවාහා වෙලා ඉන්න ඔහුට වඩා වැඩිමහල් තරුණියක් එක්ක වීම නිසා ඒ ගැන රටපුරා කතාබහ වෙන්න පටන් ගත්තා. දිනේෂ්ගේ ආදරණිය බිරිඳ තමයි රැන්ඩෙලා ප්‍රනාන්දු. මේ දෙන්නගේ අදර කතාවේ ආරම්භයත් හරිම ලස්සන එකක් සහ දවසක් දිනේෂ් විසින් ඒ ගැනත් කියලා තිබුනා.
අපි දෙන්න ජිවත් වුනේ එකම ගමේ නිසා පල්ලියට එහෙම යද්දී එකට යන්නේ. ඒ වගේම සංගීත කණ්ඩායම් වලත් අපි දෙන්නම එකට ගීත ගයනා කරනවා.කාලයක් යාලුවෝ වගේ ආශ්‍රය කරලා ඉන් පස්සේ මගේ හිතේ ඇතිවුණු ආදරේ එයාට කිව්වේ වැලන්ටයින් එක දවසේමයි. ඇයත් මට කැමති වුනාට පස්සේ අපි දෙනා කාලයක් ආදරේ කරලා මේ ගැන දෙන්නගෙම ගෙවල් වල අයටත් කිව්වා. එහෙම ආපු ගමන අද විවාහයක් දක්වා ලස්සන මනනක් ඇවිත් ඉන්නවා. හැමදාමත් එදා වගේම අපි දෙන්නා ආදරෙන් ඉන්නවා කිසිම වෙනසක් වෙලා නැහැ.
ගෙදරදී කතාකරන්නේ අම්මි තාත්ති කියලා, එයා මට තාත්ති කියනවා මම එයාට අම්මි කියලා කතාකරනවා. සමහරු අහලා තිබුනා මෙහෙම වැඩිමල් කෙනෙක් එක්ක විවහා වුනේ අයි කියලා. එයා කොහොමත් මට වඩා ටිකක් වැඩිමල් සහ ගොඩක් ලස්සනත් නැතුව ඇති. හැබැයි ඉතින් ආදරේ කරන්න මට නම් ඔය කියන කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැහැ. ලස්සන හදවතක් තියනවා නම්, අවංකව දෙන්නට දෙන්නා ආදරේ නම් තවත් මොනවද ඕන වෙන්නේ.මටත් වඩා මගේ විවාහය ප්‍රශ්නයක් කරගත්ත ලොකු පිරිසක් ඉන්නවා,
මගේ බිරිඳ මට වඩා අවුරුදු 09ක් වයසින් වැඩියි, හැබැයි ඒ දේ මටවත් එයාටවත් අදාළ නෑ, වයස කියන්නේ ඉලක්කමක්, ආදරය කියන දේ ඕනෑම කෙනෙක්ට දැනෙන්න පුළුවන්, මගේ බිරිඳට කවුරු මොනවා කිවුවත් මම ඒ කිසිම දෙයක් හිතන්නේ නෑ, කොච්චර නින්දා අපහාස කලත් මට එයාව කවදාවත් එපාවෙන්නේ නෑ, මම ඇයව කවදාවත් නැතිකරගන්නේ නෑ, රිදෙන්න් රිදෙන්න අපේ ආදරේ තවත් ශක්තිමත් වෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ. ඉතින් මේ ආදරණිය යුවලට තව තවත් ආදරෙන් ඉන්න ලැබේවා කියලා අපි හදවතින්ම සුභ පතනවා.
No comments: