Header Ads

Breaking News
recent

හිඟමනට වැටුණු රටේ ගහ මරා ගෙන වැඩක් නෑ – ආරක්ෂක ලේකම්

ආර්ථික වශයෙන් සියලු දෙනා පීඩාවට පත්ව සිටින මොහොතක ගහ මරා ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

සාමකාමීව කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වී ඇති හෙයින් ඉදිරි කටයුතු සිදුවන ආකාරය ගැන බලාගෙන සිටිමු යැයි පැවසූ ආරක්ෂක ලේකම්වරයා රටේ සාමකාමී බව ඉදිරි පැවැත්මට ඉතා වැදගත් වන බව ද ප්‍රකාශ කළේය.

විශාල විනාශයක් දැනටමත් සිදුවී අවසන් බව ද ඔහු කිවේය.


No comments:

Powered by Blogger.