Header Ads

Breaking News
recent

රට ගොඩදාන්න චම්පිකගෙන් වැඩපිලිවෙලක්.. ආණ්ඩුවේ මැති ඇමතින් සමග හෙලි කරයි..

රටේ ආර්ථික තුළ සිදුව ඇති බංකොලොත්භාවයට විසඳුම් සෙවීම පිළිබඳව 27 දින 43 සේනාංකයෙන් සංවාදයක් පවත්වනු ලැබිණි. ඒ සඳහා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතා ඇතුළුව සිවිල් ක්‍රියාකාරීන් පිරිසක්ද එක්ව සිටියේය.

මෙහිදී 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සංවාදය තුළ අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පසුගිය දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරඹයා පවසන ලද “රනිල් මහත්තයාව ගෙනල්ලා තියෙන්නේ ඩොලර් හොයන්න” යන්න සත්‍යක් බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ එම ගෙන්වා ගැනීම සාර්ථක වේවිද? නැද්ද? යන්න පිළිබඳව සැකයක් පවතින බවද චම්පික රණවක මහතා එහිදී පවසන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා…

“මගේ හැඟීම ඒක සාර්ථක වෙන්නේ නෑ කියන එක. විදේශ ශ්‍රමිකයන් පිළිබඳ ඇමතිතුමා ඉන්නවා මේ. එතුමා ලොකු සැලසුමක් වැඩපිළිවෙලක් කරගෙන යනවා මේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි කරගන්න. ඒක හැබැයි එතුමාට තනියෙන් කරන්න බෑ. ඒක මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිඵත්තියත් එක්ක එකට යන්නේ.

අපිට අර රනිල් වික්‍රමසිංහ මහත්මයා දෙදාස් එකේ එල්.ටී.ටී.ඊ. යත් එක්ක සාම ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ රට නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා ඩොලර් මිලියන හතරකට වඩා වැඩි මුදලක් ඒ අවස්ථාවේ පොරොන්දු වුණා වගේ. ඒ වගේම මේ සුනාමි අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට පොරොන්දු වුණා වගේ තත්වයක් දැන් උදාවෙයිද කියලා මගෙන් ඇහුවොත් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්ද කියලා සියයට අනුවක් බැහැයි කියලා තමයි මම කියන්නේ. දහයක් පුළුවන් කියලා කියන්නේ. අපි ඒක දන්නේ නෑ.හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයට ඒකට ඉඩ දෙන්න ඕනේ. පළවෙනි දවසේ ඉඳන් ඔහුට පහර දීම වැරදියි. මීළඟ මාස දෙක ඇතුළත, නැත්නම් තුන ඇතුළත එතුමා ඒක කරලා පෙන්නන්න වෙනවා. නැත්නම් රට ඇතුළෙන් විශාල බලවේගයක්, උද්ඝෝෂණයක් තව මාස කිහිපයකින් එන නිසා.

ඉතින් මේ සියල්ල අසාර්ථක වුණොත් මොකද කරන්නේ? මේ සියල්ල අසාර්ථක වුණොත් අපි මොකද කරන්නේ කියලවත් අපිට තියෙන්න ඕන වැඩපිළිවෙලක්.”

ඒ අනුව 43 සේනාංකය විසින් දේශපාලන නායකයන්, සිවිල් ක්‍රියාකාරීන් හා විද්වත් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් පවත්වනු ලැබූ මෙම සංවාදය තුළ මේ වනවිට රටේ ආර්ථික අර්බුදය ප්‍රධාන ධාරාවන් 4ක් යටතේ සාකච්ජා කරනු ලැබුණු අතර මේ වනවිට එම අංශවල පවතින ගැටළු හා ඒවාට විසදුම් සෙවීම සඳහා යොදාගත රාජ්‍ය හා ආර්ථික මෙවලම් පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ජා කරනු ලැබිණි.

එම අංශ මෙසේයි..

ඖෂධ හිඟය – රෝගීන් හා මරණ වැඩිවීම.
සාගතය – මන්දපෝෂණය, මරණ හා රෝගී තත්වයන්.
බලශක්ති – කර්මාන්ත හා සේවා වෙළඳාම බිඳවැටීම, විරැකියාව උග්‍ර වීම, අදායම් අහිමි වීම.
බැංකු බිඳවැටීම – සමස්ථ මුල්‍ය පද්ධතිය කඩා වැටීම

No comments:

Powered by Blogger.