Header Ads

Breaking News
recent

"ලංකාවට මෙහෙම වෙනවා කියා IMF එක මුලින්ම කියා ඇත්තේ 2020 දී..නෑ එහෙම නෑ කියා PB ඇතුලු පිරිස එදා මුනිවත රැකලා (VIDEO)

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට යොමුවනු ඇති බවට IMF නිලධාරීන් විසින් මුලින්ම අනතුරු හැඟවූයේ 2020 වසරේ මාර්තු මස පමණදී බවට තොරතුරු හෙළිව තිබෙනවා.

එහෙත් එවකට ජනාධිපති ලේකම්ව සිටි පී.බී.ජයසුන්දර ඇතුළු පිරිසක් ඒ ගැන කිසිඳු සැලකිල්ලක් නොදැක්වූ බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු කෝප් කමිටු රැස්වීමේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මේ පිළිබඳව ප්‍රශ්න කල අතර එහිදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඉහත කරුණු අනාවරණය කලා.

එවකට තීරණ ගැනීමේදී දැඩි බලපෑමක් කල හැකි පී.බී.ජයසුන්දර ඇතුළු පිරිස අදාළ උපදෙස් පිළිබඳව කිසිඳු තැකීමක් නොකල බවයි දැන් හෙළිව ඇත්තේ.

එම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව IMF හි මැදිහත්වීමද ඒ සමඟම අවසන් වූ බවයි ඔහු කියා සිටින්නේ.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන්ම බංකොලොත් වී ඇති අතර ,රට එම තත්වයට පත් කිරීමට ප්‍රධාන වශයෙන්ම වගකිව යුතු පී.බී.ජයසුන්දර ඇතුළු පිරිස කිසිඳු චෝදනාවකට වැරදිකරු නොවී සිටීම නම් කිසිසේත්ම අනුමත කල නොහැකියි.


No comments:

Powered by Blogger.