Header Ads

Breaking News
recent

රජයේ සීනි සමාගම් තුනම එජාප හිතවතුන්ට විකුණන්න අගමැතිගේ සැලසුමක්!

නව ආණ්ඩුවේ ප්‍රතිව්‍යුහගත කිරීම් වැඩපිළිවෙළ යටතේ පුද්ගලීකරණය කිරීමට නම් කර ඇති ආයතන අතර ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව සහ හිගුරාන සීනි කර්මාන්ත ශාලාවේ නම් සදහන් වනවා.

ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් රටේ පාඩු ලබන මට්ටමට මෙම ආයතන යොමු කර එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන්ට විකුණා දැමීමේ යටිකූට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පවසමින් සෙවනගල සියලුම වෘත්තීය සමිති නිළධාරීන් ඒකාබද්ධව මේ සදහා විරෝධය දක්වනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් ප්‍රගතිශිලී සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ,ජාතික සේවක සංගමය, අන්තර්සේවක සංගමය, සමගි සේවක සංගමය, සෙවනගල සුරැකීමේ සංවිධානය, සීනි වෘත්තිකයින්ගේ සංධානය, යන වෘත්තීය සමිති ඒකාබද්ධව සෙවනගල සීනී කර්මාන්ත ශාලාවේදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

සමාගම් එජාප හිතවතුන්ට

ඔවුන් ප්‍රකාශකර සිටින්නේ, නව ආණ්ඩුවේ මෙම වර්ෂය සදහා මුදල් වෙන් කරන අතුරු සම්මත ගිණුමේ අයවැය තුලට අධික ලාබ ලබන ලංකා සීනි සමාගමද එක්කර මෙම කර්මානත ශාලා තුන තම හිතවතුන්ට ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති එකමුතුව විසින් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ දිගින් දිගටම ලාබ ලැබූ මෙම කර්මාන්ත ශාලා පෞද්ගලීකරණය කිරීමට හේතුව කුමක්ද, යන්නත් සහ කිසිසේත්ම සෙවනගලට අත තැබීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවයි.

සීනි සමාගම් ලාබ ලැබූ හැටි

ඒ අනුව සෙවනගල සීනි ආයතනය 2020 වසරේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 876ක්ද, 2021 වර්ෂයේදී වැඩිම උක් නිෂ්පාදනය උක් මෙට්‍රික් ටොන් 303000ක්ද,  සීනි මෙට්ට්‍රික් ටොන් 18000 ක්ද, පරිපාක ස්ප්‍රීතු ලීටර් 5100000 ක්ද, නිෂ්පාදනය කර තිබෙනවා.

2021 වර්ෂයේ සෙවනගල සීනි කම්හලේ ලාභය කොතරම්ද යත් සේවකයන් 1300ක් සිටියදී එක් සේවකයෙකුට වසරකට රුපියල් එක් ලක්ෂ විසි දහස බැගින් දිරි දීමනා සහ ප්‍රසාද දීමනා වශයෙන් පඩියට තවත් පඩියක් සේවකයින්ට ලබාදී තිබුණා.

වසර අවසානයේ සේවකයින්ට රුපියල් තිස්දහසක දීමනාවක් ක්ද දරුවන්ගේ පාසල් උපකරණ ලබාදීම වෙනුවෙන් වෙන්කර තිබෙනවා.

උක් ගොවි මහතුන් සදහා 2022 වසරේදී උක් මෙට්‍ට්‍රික් ටොන් එකක් සදහා රුපියල් 1250ක් වැඩිකර තිබෙනවා. එසේම පොහොර සහනාධාරය ලෙස රුපියල් හතලිස් දහසක්ද, සහනාධාර ලබාදී තිබේ.

අගමැතිගේ සැලසුම

මෙසේ ලාබ ලබන ආයතන පාඩු ලබන්නේ යැයි හඟවා තම හිතවතුන්ට නව අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදීමට සැලසුමක් ඇතැයි වෘත්තීය සමිති පවසනවා.

මෙහි විශේෂිතම කරුණ වන්නේ මේ වන විට විකුණා ඇති හිගුරාන සීනි කම්හලද විකිනීමේ ලැයිස්තුවට ඇතුලත් කිරීම පුදුම සහගත දෙයක්.

සෙවනගලට උක් දඩු සපයන ගොවි මහතුන්ගේ ගොවි පවුල් පන්දහසක් සිටින අතර මෙම සෑම පවුලක් සදහාම කර්මාන්තශාලාව ලැබූ ලාබයෙන් දිරිගැන්වීම සදහා සියයට දහයක10% ක දිරි දීමනාවක් ගෙවා තිබුණා.

මේ සියල්ල සිදු කරන ලද්දේ පසුගිය පොදුජන පෙරමුනේ ආණ්ඩුවේ සීනි අමාත්‍ වරයා වශයෙන් කටයුතු කල ජානක වක්කුමුර මහතා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පැමිණි පසුය. ඔහු විසින් ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීම අනුව එතනෝල් ලංකාවට ගෙන ඒම සම්පූර්ණයෙන් නතර කර දැමීය.

ඒ අනුව ලංකාවේ නිෂ්පාදන එතනෝල් මිල වැඩි කර අලෙවි කළා. සෙවනගල, පැල්වත්ත ඉතාමත් හොද පරිපාලයක් ඇති කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා වගබලා ගත් අතර සෙවනගල, පැල්වත්ත ලාභයෙන් රුපියල් ලක්ෂ තුන්දහසක් මහා භාණ්ඩාගාරයට ලබාදෙන බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මෙම වෘත්තීය සමිති කියා සිටින්නේ මේ වන විට ආයතනයේ පරිපාලයේ දක්ෂතාවය මත මේ ආකාරයෙන් පසුගිය කාලයේ පාඩු ලැබූ සීනි සමාගම අධික ලාබ ලබන බවයි.

මෙහිදී අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයින් පොදුවේ කියා සිටියේ සෙවනගල සීනි කම්හලට අත තැබීම ලේ වැගිරීමක් නොකර ඒ  යෝජනාව ඉවත්කර ගන්නා ලෙසයි.

මීට පෙර මෙම අයතනය පුද්ගලී කරණය කල අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේදී එය එය නැවතත් රජයට පවරා ගත්තා.

වෘත්තීය සමිති නායකයින් පවසන්නේ නැවතත් පරණ බලවේග මෙම කම්හල ඩැහැ ගැනීමට කටයුතු සිදු කරමින් පවතින බවයි.


No comments:

Powered by Blogger.