Header Ads

Breaking News
recent

ඉන්දියාවෙන් එන්න තියෙන්නේ තව ඩීසල් නැවක් විතරයි! ඊළඟට මොකද්ද කරන්නේ කියලා තවම හිතලවත් නෑ! තව සති දෙකකින් පසු තෙල් නැත්තටම නැති වෙයිද?

ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ඊළඟ ඩීසල් නැව මෙරටට ගෙන ආවාට පසු රටේ අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා තෙල් ආනයනයට වැඩපිළිවෙළක් තාමත් සකසා නොමැති නිසා ඉදිරි සති දෙකෙන් පසු යළි බරපතළ ඉන්ධන අර්බුදයක් මතු විය හැකි බවට තෙල් සංස්ථා උසස් නිලධාරීහු අනතුරු අඟවති.

ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන ලබා ගැනීමට යම් යම් සැලසුම් ක්‍රියාත්මක කළද සැපයුම්කාර සමාගම් ඒවාට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔවුහු කියති.

මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මෙටි්‍රක් ටොන් 18,825ක්, සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 13,067ක් සහ ජෙට් ්1(ගුවන්යානා තෙල්) මෙටි්‍රක් ටොන් 386ක් තිබෙන බව විදුලිබල හා බලශක ්ත ි ඇමැත ි කංචන විජේසෙ ්කර මහතා ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණත් එම ප්‍රමාණය සෑහෙන්නේ සති දෙකකට පමණ යැයි ද එම නිලධාරීහු සඳහන් කළහ.

මේ වනවිට මෙරටට ගෙනා බොරතෙල් මෙටි්‍රක් ටොන් 90,000ක් යොදා වැසී තිබු සපුගස්කන්ද තෙල් පිරිපහදුව සක්‍රිය කළත් එමගින් ඉන්ධන නිපදවීමට දින දෙක තුනක් ගතවන බව පිරිපහදුවේ උසස් නිලධාරීහු කියා සිටිති.

මෙම පිරිපහදුව සඳහා මෙතෙක් කලක් භාවිත කළ බොරතෙල් වර්ගය වෙනුවට රුසියාවෙන් ආනයනය කළ බොරතෙල්වලින් පෙට්‍රල් හා ඩීසල් නිපදවාගත හැක්කේ සියයට 17ක් පමණකැයි විශ්වාස කරන අතර ඉන් වැඩිපුරම නිෂ්පාදනය කෙරෙන්නේ දැවිතෙල් හා තාර වැනි බර නිෂ්පාදන යැයිද ඔවුහු කියා සිටිති.


No comments:

Powered by Blogger.