Header Ads

Breaking News
recent

ගෝඨාභයට අපි රැවටුනා... රාජපක්‍ෂලා දුෂණයට සියළු පද්ධති බින්දා - හිටපු අගමැති මහින්දගේ ලේකම් මාධ්‍ය හමුවක (VIDEO)

රට මෙතරම් ආගාධයකට ඇද වැටී තිබියදීත් ඊට වගකිව යුතු පුද්ගලයින් තවමත් විවිධ ස්ථානවල රැඳී සිටිමින් සිය නියෝජිතයින් හරහා පාලන කටයුතු වලට මැදිහත් වෙමින් සිටින බව රාජපක්ෂ රජයේ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් වරයෙකු සහ කැබිනට් ලේකම් වරයෙකු වන එස් අමරසේකර මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා සිවිල් සංවිධාන නිර්මාණය කරමින් විශාල දායකත්වයක් දක්වා ඇති අමරසේකර මහතා පවසන්නේ තමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ඒ අවස්ථාවේදී විශාල රැවටීමකට ලක් වූ බව මේ වන විට අවබෝධ වී ඇති බවයි.

රට වර්තමානයේ මුහුණ පා ඇති අර්බුදයට වත්මන් රජය වගකිවයුතු බවත් ඊට සම්බන්ධ ප්‍රධාන චූදිතයන් දෙදෙනෙකු වන හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන දෙදෙනා මේ වන විට ද තම හිතවතුන් යොදාගනිමින් පද්ධතියට අනිසි බලපෑම් සිදු කරන බවට බරපතල සැකයක් තමාට ඇති බව ද මෙම ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියා මෙම වැඩසටහනේදී හෙළිකරයි.

වර්තමානයේ කැබිනට් ලේකම් වරයා පවා පී බී ජයසුන්දර මහතාට හිතෛෂී පුද්ගලයෙකු බවද අමරසේකර මහතා මෙහිදී හෙළිකරයි.

රාජපක්ෂ පාලන සමයේ දී විනිවිද භාවය සහ මුල්‍ය විනය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ පැවති බොහෝ පද්ධති බිඳ දැමීම සඳහා දේශපාලනඥයින් හා නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව ද ඔහු මෙම සාකච්ඡාවේදී කරුණු රැසක් හෙළි කර ඇත.


No comments:

Powered by Blogger.