Header Ads

Breaking News
recent

අගෝස්තු 09 රනිල්ව ගෙදර යවනවා කිව්වා, හැබැයි එදා ගෙදර ගියේ අරගලයේ කට්ටිය – ජානක (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවමත් ජන බලයක් පවතින බවත් තම පක්ෂය මැතිවරණ වලට කිසිසේත්ම බිය නොවන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පවසයි.

“දැන් මේ කවුරුහරි හිතනවා නම් අපි ඡන්ද කරන්න බයයි කියලා, එහෙම අපේ කිසිම බයක් නෑ. දැන් කියනවා මේ පාර්ලිමේන්තුවට බලයක් නෑ කියලා. 2020 අගෝස්තු 05 වෙනිදා තමයි ඡන්දෙ තිබ්බෙ. අවුරුදු පහකට ජනතාව බලය දීලා තියෙනවා, තවම අවුරුදු දෙකක්වත් ගිහින් නෑ පාර්ලිමේන්තු කාලය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලපු සියලු දෙනාටම හැට අට ලක්ෂ පනස් දෙදාස් හයසිය අනූවක් ඡන්ද හම්බුණා. මැයි 09 මහින්ද රාජපක්ෂ මැතිතුමා අයින් වුණා. ජුනි 09 බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යාංශයෙන් අයින් වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජුලි 09 අයින් වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගෝස්තු 09 ගෙදර යනවා කිව්වා, හැබැයි අරගලයේ ඉඳපු කට්ටිය එදා ගෙදර ගිහින් තියෙනවා. ඉතින් වර්තමාන ජනාධිපතිතුමාට මේ රටේ ප්‍රශ්න විසඳන්න අපට දෙන්න පුළුවන් සහයෝගය දෙනවා”

ජානක වක්කුඹුර මහතා මේ බව පැවසුවේ පෙරේදා (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.