Header Ads

Breaking News
recent

කරපු මගුලකුත් නෑ! අල්ලපු හොරෙකුත් නෑ! ගෝඨා පහුගිය අවුරුදු 2ට ජනාධිපති කොමිෂන් සභා 5කට විතරක් ලක්ෂ 3370ක් වියදම් කරලා!

2020-2021 ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පහක් පත්කර තිබෙන අතර ඒ සදහා රුපියල් ලක්ෂ 3370 ක මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.

යහපාලනය සමයේ දේශපාලන පළිගැනීම් පිළිබදව විමර්ෂණය කිරීම සදහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම – එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබදව සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම – මීට පෙර පත් කරන ලද ජනාධිපති කොමිසම් සභා පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම – මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබදව සොයා බැලීම සදහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම සහ රේගුවේ අක්‍රමිකතා පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම ඒ අතර වෙයි.

යහපාලන රජය සමයේ ස්ථාපිත කරන ලද ජනාධිපති කොමිෂන් සභා වෙනුවෙන් වැය කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 2540 කි.

බැදුම්කර වංචාව පිළිබද සොයා බැලීමට පත් කළ කොමිසම – පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ කොමිසම – ශ්‍රී ලංකන් ගුවන් සේවය – ශ්‍රී ලංකන් කේටරින් -මිහින් ලංකා යන ආයතන පිළිබදව සොයා බැලීමට පත් කළ කොමිසම් ඒ අතර වෙයි.

මේ තරම් විශාල මුදලක් වැය කර කොමිසම් සභා ස්ථාපිත කර තිබුණද එම කොමිසම් සභාමගින් ලබා දෙන ලද නිර්දේශ එතරම් බරපතළ ලෙස සැලකිල්ලට ගත් බවක් නොපෙනුණි

පසුගිය වසර අටක කාලය තුළ ජනාධිපති කොමිසම් සභා සදහා රුපියල් ලක්ෂ 5040 ක් වියදම් කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි..
-mawratanews

No comments:

Powered by Blogger.