Header Ads

Breaking News
recent

ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය වැඩබිම්වලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක!

රටේ විදුලි බල පද්ධතියේ නිරන්තර බිඳවැටීම් සිදුවෙමින්  දැනට පවතින විදුලි අර්බුදය තීව්‍ර වන්නේ රටේ ආර්ථික ප්‍රශ්නයක් නිසා නොව, ලංවිම ඉහළ පරිපාලනයේ අත්තනෝමතික මුග්ධ හැසිරීම නිසා බවත්,  පද්ධති කළමනාකරණය සඳහා අවධානය යොමු කර විදුලි සේවකයන්ගේත් පාරිභෝගිකයන්ගේත්  ජීවිත සහ විදුලි පද්ධියේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙසත්  බලකරමින්  ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

මේ සම්බන්ධව ඊයේ (07) ලංවිම පාලන අධිකාරිය සමග කළ සාකච්ඡාවලදී  ඉදිරිපත් වුන සාධනීය  කාරණා ක්‍රියාත්මකවීම මගැහැරීමේ උදච්ඡ හැසිරීමට විරෝධය පලකර තම සංගමය  ඊයේ (07) දින පෙරවරු 5 සිට  සති අන්තය අවධානම් රාජකාරිවලින් සහ  අන්තරාකාරී  රාජකාරි වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුන බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත ලංකාසරට පැවසීය.

අයහපත් මූලය තත්තත්තවය කළමනාකරණය කිරීමට යැයි පවසිමින් විදුලි බලාගාර, සම්යේෂණ මාර්ග, අධි වෝල්ටීයතා  උපකරණ සහ බෙදාහැරීයම් පද්ධතියේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය නඩත්තතු කටයුතු මගහැරීම නිසා  එම බලාගාර හා පද්ධතිවල විදුලිය සමග ඉතා අවදානම් සහිත රාජකාරි කටයුතුවල යෙදීමට   සේවකයින්ට සිදුවී ඇති බවත් එම සේවකයන්ට අවශ්‍ය ආරක්ෂිත උපකරණ හා මෙවලම් නිසිලෙස  සැපයීමට නොහැකි වී ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.

මේ අවාසනාවන්ත තත්ත්වය තුළ ජීවිතවලින් වන්දි ගෙවන්නේ අහිංසක සේවකයින් බවද  සංගමය පෙන්වා දෙයි.  නඩත්තු කටයුතු නිසි පිරිදි සිදුනොවීම නිසා පාරිභෝගිකයන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව ද සංගමය කියයි.

වියදම් සීමා කිරීම සඳහා විදුලි පද්ධතිය හා සේවක ජීවිත අනතුරේ හෙළන පාලන අධිකාරිය ගොඩනැගිලි අලංකරණයට, විදේශ සංචාරවලට, වාහන ගෙන්වීමට රාජ්‍ය චක්‍රලේඛ උල්ලංඝණය කර මූලික වැටුප මෙන් සියයට දෙසීය පනහක දීමනා ගෙවීමට වියදම් කරන බව පෙන්වා දෙයි.

මේ තත්ත්වය පැහැදිලි කර දුන්න ද ලංවිම පාලන අධිකාරිය ඒ සඳහා සාධනීය පිළියමක් නොගන්නා බව  ද සංගම කියයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත මෙසේ පැවසීය.

“ පහුගිය කාලයේ දි ට්‍රාන්ස්ෆෝමර් පිපිරුනා.  නොරොච්චෝලේ බලාගාරය අවස්ථා ගණනක දි අක්‍රීය වෙලා,  කැලණිතිස්ස බලාගාරයෙ  ගැටලුව නිරාකරණය නොකිරීම හේතුවෙන් පද්ධති බිඳවැටුනා… “

“ක්ෂේත්‍රයෙ  විදුලි ජනනය සම්ප්‍රේක්ෂණය හා බෙදා හැරීම සම්බන්ධව ඉහළපෙළ නායකත්වය අරගෙන මහජනයාත් සේවකයත් අතර ඍජුව ගැටෙන කණ්ඩායමක්  ලෙස  විදුලි අධිකාරීවරුන්ට   තමයි මේ ප්‍රශ්නය තදින්ම බලපාන්නේ.“

“අපේ වගකීමක් තියනවා මේ පද්ධතිය අඛණන්ඩව නඩත්තු කරගෙන පද්ධතිය සේවකයා සහ මහජනයා ආරක්ෂිත තත්ත්වයක තබා ගැනීමට.“

එහෙත් අපට ඉහලින් ඉන්න පරිපාලනය  හරි උපදෙස් ලබා නොදීම සහ මේවට නොයෙකුත් නිර්ණායක දමමින් කරන බලපෑම නිසා පද්ධතිය එන්න එන්න අනතුරු දායක තත්ත්වයට යනවා.

ඒ නිසා තමයි  සෙනසුරාදා ඉරිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අප සේවයට වාර්තා නොකර ඉන්නේ.  නමුත් අත්‍යාවශ්‍ය සේවා සහ වාර සේවාවල නිරත අධිකාරීවරුන් රාජකාරි කරනවා.

ඒ අනුව  ලංකාව පුරා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 250 තුළ  කාර්යාලවලින් වැඩබිම්වලින් අප  ඉවත් වෙලා ඉන්නේ. හදිසි බිඳවැටීම් නිසා මහාජනයාට සිදුවන පීඩාව  සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ලංවිම පරිපාලනය භාරගත යුතුයි.  සභාපතිවරයා කීවේය.

lankasara


No comments:

Powered by Blogger.