Header Ads

Breaking News
recent

‘මම තමයි සිස්ටම් චේන්ජ් එක කරපු මිනිහා.. මට විශාල ගෞරවයක් ලැබිය යුතුයි.. නමුත් මේ සමාජය මට ඒක දෙන්නේ නෑ..!’ – දිලිත් ජයවීර.

සිස්ටම් චේන්ජ් එකක් සිදුකළ පුද්ගලයා තමන් බවත් ඒ සදහා තමන්ට සමාජයෙන් විශාල ගෞරවයක් ලැබිය යුතුව ඇති නමුත් සමාජය තමන්ට ගරු නොකරන බව ප්‍රකට ව්‍යාපාරික සහ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කර සිටියේ ඉරාජ් වීරරත්න සමග පවත්වා තිබෙන සම්මුඛ සාකච්ඡාවකදී ය.

දෙරණ විද්‍යුත් මාධ්‍ය ජාලයට අමතරව තමන් පුවත්පත් රැසකද හිමිකරුවකු බව පවසන දිලිත් ජයවීර මහතා ඒ කිසිදු පුවත්පතකට හෝ මාධ්‍ය ආයතනයකට, ඒවායේ හිමිකරුවා ලෙස තමන් කිසිදු බලපෑමක් සිදුකර නැති බව පවසයි.

උදාරහණයකට තම මාධ්‍ය ජාලය යටතේ ප්‍රකාශයට පත්කරන ප්‍රධාන සිංහල පුවත්පතවන අරුණ පුවතපත දම්මික පැණිය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරයට හාත්පසින්ම වෙනස් ස්ථාවරයක් තමන්ට හිමි ද මෝර්නිං පුවත්පත දැරූ බව ඔහු පවසයි.

අරුණ පුවත්පතට දම්මික යනු වෙද මහත්මයෙකු වූ අතර ද මෝර්නිං පුවත්පත දම්මික හදුන්වා දී තිබුනේ වඩුවෙක් ලෙසයි.

එකම මාධ්‍ය ආයතයකට හිමි පුවත්පත් දෙකක් එකම කරුණක් සම්බන්ධයෙන් මෙසේ එකිනෙකට පරස්වර ස්ථාවර දරනු ලැබුවේ තමන් එම කර්තෘ මණ්ඩල සදහා කිසිදු ලෙසකින්වත් බලපෑම් එල්ල නොකළ නිසා යැයි දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ ස්වාධීනත්වය එම ආයතනවලට ලබා දීම සමාජය ඔහුට ගරු කළ යුතු කරුණක් ලෙස දිලිත් ජයවීර මහතා අදහස් කරන බවයි ඉරාජ් සමග සිදුකළ ඔහුගේ එම සංවාදයෙන් නිරාවණය වේ.


No comments:

Powered by Blogger.