Tuesday, September 23 2025

Header Ads

ඕස්ට්‍රේලියාවේ ලෙඩෙක් ගෙනියන්න ගිලන් රථ දෙකක් එනවා.. එකක කැඩුනොත් අනිත් එකේ ගෙනියනවා - අනුර දිසානායක

ඕස්ට්‍රේලියාවේ දී කිසියම් පුද්ගලයෙකු අසනීප වී ගිලන් රථයක් ඇමතු විට එකක් වෙනුවට දෙකක් පැමිණෙන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එසේ ගිලන් රථ දෙකක් පැමිණෙන්නේ එක ගිලන් රථයක දෝෂයක් ඇති වුවොත් අනෙක් රථයේ රෝගියා රැගෙන යාමට බව ද ඔහු පැවසීය.

මෑතක දී තමන් සිදුකළ ඕස්ට්‍රේලියානු සංචාරයේදී එම තත්ත්වය දැනගත් බව ද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.

ලෝකයේ සෑම රටකම පාහේ වැඩිපුරම අවධානය යොමු කරන්නේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳව බවද හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් අනුර දිසානායක මහතාගේ ප්‍රකාශය බැහැර කරමින් කලින් එම පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ දැනට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිතවාදීව කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි කනිෂ්ක ජයලත් තම සමාජ ජාලා ගිණුමේ සටහන් කර ඇත්තේ මෙවැන්නකි.


Leave a Comment

Powered by Blogger.