Header Ads

Breaking News
recent

තවත ඇතක ගන හයනන තය දතය එදද ඇත හගල!

ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ත්‍යාග ලෙස ලබාදුන් තවත් ඇතෙක් සොයා තායිලන්ත නියෝජිත පිරිස ගියත් ඔහු සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගෙන ගොස් සඟවා ඇතැයි තායිලන්ත මාධ්‍ය ඊයේ (03) වාර්තා කර තිබෙනවා.

තායිලන්ත වෙබ් අඩවියක් වන තායි පී.බී.එන් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, තායි දූත පිරිසක් ඇතා දැකබලා ගැනීමට පැමිණෙන බව කලින් දන්වා තිබුණ ද හඳුනා නොගත් ස්ථානයකට එම සතා යවා ඇති බවයි.

ඔවුන් එසේ සොයා ගොස් ඇත්තේ, 2001 වසරේදී මුතුරාජා ඇතා (තායිලන්තයේදී සක් සුරින්) සමග ශ්‍රී ලංකාවට තෑගි කළ (තායිලන්තයේදී ප්‍රතුපා) ඇතා බව ද එම වාර්තාවන්හි සඳහන් වෙනවා.

ප්‍රතුපා බැහැ දැකීමට ගියත් ඔහු සොයා ගත නොහැකි වී යැයි මුතුරාජා ආපසු ගෙන යෑමේ කටයුතු සම්බන්ධීකරණය සඳහා පැමිණ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන කාන්ජනා ශිල්පා සිය මුහුණු පොතෙහි සටහනක් තබා තිබෙනවා.

තායිරාජා (තායිලන්තයේදී ප්‍රතුපා) බැලීමට ඔහු භාර දී තිබූ විහාරස්ථානයට ගිය ද තායිරාජා එහි නොමැති බව ත් තමන්ට ඔහු දැකීමට බලධාරීන් අවස්ථාව ලබා නොදුන් බව ත් ඇය මුහුණු පොතෙහි තැබූ සටහනෙහි දැක්වෙනවා.

කෙසේ වෙතත් කණ්ඩුල හා තායිරාජාද යළි තායිලන්තයට ගෙන එන්නැයි ඉල්ලා සිටීමේ බලවත් රැල්ලක් මේ වනවිට තායිලන්තයේ සාමාන්‍ය ජනතාව අතර ගොඩනැගෙමින් පවතිතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


No comments:

Powered by Blogger.