දිනේශ් ශනුද්‍රි ආදර කතාව දෙදරා යයි දෙන්නම Breakup වෙනවා කියපු හැටි (වීඩියෝ සහිතයි)
මේ දවස්වල හැම තැනම කතා බහට ලක් වෙන්න දිනේශ් සහ ශනුද්‍රියි ගැන. ඒකට හේතුව තමයි මේ දෙන්නා Breakup වෙන්න යනවා කියන ආරංචිය.
දිනේෂ් ගමගේ කියන්නෙ මේ දවස්වල ලංකාවෙ ට්‍රෙන්ඩින් වෙන ගීත නිර්මාණය කරන තරුණ තරුණියන් අතරෙ ඉතාමත් ජනප්‍රිය ගායකයෙක්.
ඒ වගේම තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ තරු පවුලකින් එන රටේ තරුණයන්ගෙ හදවත් හොරා ගත්ත නර්තනයට වගේම රංගනයටත් ඉතාම දක්ෂ සුරූපී යුවතියක්. ඉතින් මේ දෙන්නගෙ ආදර කතාව වගේම මේ දෙන්නා එකතු වෙලා කරපු නිර්මාණත් රටම ආදරයෙන් වැළඳ ගත්තා.
කොහොම වුනත් මේ Breakup කතාව මුලින්ම එළියට එන්නෙ ශනුද්‍රි තමන්ගෙ පෞද්ගලික සමාජ මාධ්‍යය ගිණුමේ පළ කරලා තිබුන වීඩියෝ එකත් එක්ක. තමන් ගත කරන කාර්යබහුල ජීවිතය තමන්ට ඉතා වෙහෙසකර නිසා Breakup වීමට හැකි නම් වඩාත් හොඳ බව ශනුද්‍රි තමන්ගෙ වීඩියෝ එකෙන් කියන්න උත්සාහ කළා.
No comments: