Header Ads

Breaking News
recent

සති 3කට පෙර දැනගත්තේ… මේ සාක්ෂිය විවෘත අධිකරණයේ දුන්නොත් මගේ දරුපවුල් පිටින් විනාශ කරයි… විශේෂ ප්‍රකාශයක් කරමින් මෛත්‍රී කියයි!

පාස්කු ප්‍රහාරකයා සම්බන්ධව තමන් සිදුකළ ප්‍රකාශයට පදනම් වන්නේ  මීට සති තුනකට පෙර තමන්ට ලැබුණු තොරතුක් බවත්, ඒ අනුව ඊයේ එම ප්‍රකාශය සිදුකළ බව මෛත්‍රිපාල සිරිසේන අද විශේෂ ප්‍රකාශයක් කරමින් හෙළිදරවු කළේය.
මේ සම්බන්ධව  රහසිගත සාක්ෂියක් ලබා දීමට අවස්ථාව ලබා දෙන්නට අධිකරණයෙන් විශේෂ නියෝගයක් ලැබුනොත් එය සිදුකරන බවත් ඔහු කීවේ විවෘත අධිකරණයේ එවැනි සාක්ෂියක් ලබා දිමට නොහැකි බව අවදානම පෙන්වා දෙමිනි.

තැතිගත් ස්වරයෙන් ඔහු කියා සිටියේ විවෘත අධිකරණයේ තමන් මෙවැනි හෙළිදරව් කිරීමක් කළොත් තමන් පමණක් නොව, තමන්ගේ දරු පවුල ද විනාශ කරනු ඇති බවය.

පාස්කු ප්‍රහාරය කළ පුද්ගලයාව තමන් දන්නා බව කීවේ අවංකවම බවත් එය කිසිම දේශපාලන හෝ වෙනත් ප්‍රශ්නවලට ගෑවුන කාරණාවක් නොවන බවත් තමන් ඉතා අවංකව කරන ප්‍රකාශයක් බවත් මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.

මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය පහත දැක්වේ. 

No comments:

Powered by Blogger.