Header Ads

Breaking News
recent

ගෝඨාභය ලියූ පොතක් මට දුන්නෑ... කියවන්නත් අදහසක් නෑ - බැසිල් රාජපක්ෂ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී ‍ප‍්‍රකාශයට පත් කරන ලද කෘතිය තමන් මෙතෙක් කියවා නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගෝටාභය රාජපක්ෂ මහතා එම පොතේ පිටපතක් තමන්ට නොදුන් බවද පැවසූ ඔහු තම නිවසේ ද එම පොතක් නැති බවද පැවසීය.

එමෙන්ම තමන් එම පොත කියවීමටද අදහස් නොකරන බවද ඔහු කියා සිටියේ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමිනි.

අදාළ කෘතිය ගැන තමන්ගේ කිසිම අමනාපයක් නැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොතක් ලිවීමට යන බවත් ඊට පස්සේ විස්තර එකතු කරන බවත් තමන්ට දෙන දැනගන්නට ලැබුණු බවද හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.