Header Ads

Breaking News
recent

කථානායකට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාදයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය.

මන්ත්‍රීවරුන් කිසිවෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේ නැත.

ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි.


No comments:

Powered by Blogger.