Header Ads

Breaking News
recent

පොහොට්ටුව බදාදා ජනපති අපේක්ෂක තීන්දු කරන්න යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) විධායක සභාව ලබන බදාදා (27) රැස්වීමට නියමිතය.
එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ පළමුව පවත්වන මැතිවරණය ගැන තීන්දු කිරීමට විධායක සභිකයෝ සූදානමින් පවතින බවද පැවසේ.

කෙසේවුවද, ජනපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එහිදී යෝජනා කිරීමට ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් සූදානම් වන බව ද මේ අතර වාර්තා වේ.

එසේම, වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් හා වරප්‍රසාද ලබන පිරිස ඇරෙන්නට පක්ෂයේ සෙසු පිරිස ජනපති වික්‍රමසිංහ මහතා පොහොට්ටු අපේක්ෂකයා කිරීමට විරෝධය දක්වන බවද එම පක්ෂයේ ප්‍රධානියකු කියා සිටියේය.

No comments:

Powered by Blogger.