Header Ads

Breaking News
recent

එක උත්සවයකට හෙලිකොප්ටර හතරකින් හතර දෙනෙක් එයි..

 
පසුගියදා යාපනයේදී පැමිණි පැවති ගුවන් හමුදා සංදර්ශනයක් සඳහා හෙලිකොප්ටර් හතරකින් හතර දෙනකු පැමිණ ඇති බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන හතර දෙනා එසේ පැමිණි බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් වවුනියාවේදී පවත්වන ලද ජන හමුවක් අමතමිනි.

අනාගත ජාතික ජන බලවේග රජයක උතුර නියෝජනය කරන අමාත්‍යවරුන්ද ඇතුළත් විය යුතු බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

අන්තවාදී හෝ ජාතිවාදී නොවන මධ්‍යස්ථ දෙමළ නායකයින් සමඟ දැනටමත් තම පක්ෂය ඒ ගැන සාකච්ඡා කරමින් සිටින බවත් දිසානායක මහතා එහිදී පැවසීය.
-lankacnews

No comments:

Powered by Blogger.